ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දානඵල විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්ඵලය විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: දානඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: දානඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සීලඵල … භාවනාඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: භාවනාඵල විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කාමාවචර කුසලය සවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය සවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචරකුශලය අවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ප. පු: සවිපාක කාමාවචරකුශලය ආචයගාමී වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය ආචයගාමී වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
17. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සවිපාක කාමාවචරකුශලය අපචයගාමී වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
18. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අපචයගාමී වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අරියධම්මවිපාකකථා නිමි.
7. 10.
විපාකො විපාකධම්මධම්මෝති කථා
[විපාකය විපාකයට අන්‍යො’න්‍ය ප්‍රත්‍යයාදි විසින් ප්‍රත්‍යය වනු කරුණු කොට ගෙන ‘විපාකය ද විපාකස්වභාවධර්‍ම ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘විපාකො විපාකධම්මධම්මෝති’ කථා එයි.]
1. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ආයතිභවයෙහි විපාකදානභාවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)
2. ස. පු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ඒ හේතුවින් අන්‍යවිපාකයක්හුගේ උපත සඳහා කළ පිළින යි.)
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ කෙළවර කිරීමෙක් නැද්ද, සසරවට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විපාක යනු ද විපාකස්වභාවධර්‍ම යනු ද, විපාකස්වභාවධර්‍ම යනු ද විපාක යනු ද තෙල හෙ වේ ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග වේ ද, එයින් උපන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විපාකත් විපාකස්වභාවධර්‍මත්, විපාකස්වභාවධර්‍මත් විපාකත් සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ අකුශලත් එ මැ අකුශලයාගේ විපාකත් වේ ද, එ මැ කුශලත් එ මැ කුශලයාගේ විපාකත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (යමෙක්) යම් මැ සිතෙකින් ප්‍රාණඝාත කෙරේ නම්, එ මැ සිතින් නිරෑහි පැසේ ද, යම් මැ සිතෙකින් දන් දේ නම්, එ මැ සිතින් ස්වර්‍ගයෙහි තුටු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘විපාකය විපාකස්වභාවධර්‍ම ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නම්,
අනු. පා: භවත, එකරුණින් ‘විපාකය විපාකස්වභාවධර්‍ම වෙති’ යි කියැයුතු මැ යැ.
විපාකො විපාකධම්මධම්මෝති කථා නිමි.
සත් වැනි වර්‍ගය නිමි.
එහි උද්දානය:
සඞ්ගහිතකථා යැ සම්පයුත්තකථා යැ චේතසිකකථා යැ දානකථා යැ පරිභෝගමයපුඤ්ඤවඩ්ඪනකථා යැ ඉතොදින්නකථා යැ, පඨවීකම්මවිපාකකථා යැ, ජරාමරණං විපාකොති කථා යැ අරියධම්මවිපාකකථා යැ විපාකො විපාකධම්මධම්මෝති කථා යි.
අෂ්ටම වර්‍ගය
8. 1.
ගතිකථා
[අසුරකාය හා සමග ‘ගති සයෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ගතිකථා එයි.]
1. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නො?