Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8101-8200 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථිවිය පරිභෝග නො කොට පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාක නො ගෙවා පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: පෘථිවිය චක්‍රවර්තිසත්ත්‍වහට කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්‍ය සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍ය සත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ ස්පර්‍ශය වේදනාව සංඥාව චේතනාව චිත්තය ශ්‍රද්ධාව වීර්‍ය්‍යය ස්මෘතිය සමාධිය ප්‍රඥාව අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: ‘පෘථිවිය කර්‍මවිපාක යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘පෘථිවිය කර්‍මවිපාක යැ’ යි කියැයුතු මැ යැ.
පඨවී කම්මවිපාකොතිකථා නිමි.
ජරාමරණං විපාකොති කථා
[අන්‍ධකනිකායවාසීන් සෙයින් ‘ජරාමරණ දෙක කර්‍මවිපාක වෙති’ යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරා මරණං විපාකො’ ති කථා එයි.]
1. ස. පු: ජරාමරණ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ජරාමරණ) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවෙදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනාවෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සුඛවේදනාට නිසි නො වනු වේ ද, දුඃඛ වේදනාවට නිසි නො වනු වේ ද, ... අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නො වනු වේ නම්, දුඃඛවෙදනාවට නිසි නො වනු වේ නම් … අනාරම්මණ වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ නම්,
අනු. පා: භවත, ‘ජරාමරණ විපාකයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, … සාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: (තොප මතයෙහි) ජරාමරණ විපාක වෙයි. ජරාමරණ සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි නො වේ ද, දුඃඛවෙදනාවට නිසි නො වේ ද, අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යැයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අකුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ අකුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ කුශලධර්‍මයන්ගේ විපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘කුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශල වූත් අකුශල වූත් ධර්‍මයන්ගේ ජරාමරණ ‘අකුශලධර්‍මයන්ගේ විපාක’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘ජරාමරණ විපාකය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දුර්‍වර්‍ණසංවර්‍තනිකකර්‍ම, අල්පායුෂසංවර්‍තනිකකර්‍ම ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දුර්‍වර්‍ණය පිණිස පවත්නා කර්‍ම, අල්පායුෂ පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ජරාමරණ කර්‍මවිපාකයහ’ යි කියැයුතු මැ යැ.
ජරාමරණං විපාකොතිකථා නිමි.
අරියධම්මවිපාක කථා
[ශ්‍රාමණ්‍යඵලය චිත්තචෛතසිකධර්‍ම නො වැ ක්ලේශප්‍රහාණමාත්‍ර යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියධම්මවිපාකකථා’ එයි.]
1. ස. පු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (මාර්‍ග සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යය මහත්ඵල නො වේ ද? (මාර්‍ග සඞ්ඛ්‍යාත) බ්‍රාහ්මණ්‍යය මහත්ඵල නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාමණ්‍යය මහත්ඵල වේ නම්, බ්‍රාහ්මණ්‍යය මහත්ඵල වේ නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෝවත්ඵල ඇත් නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: සෙදගැමිඵල … අනගැමිඵල … රහත්ඵල ඇත් නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්ඵල ඇත් නම්,
අනු. පා: භවත, ‘ආර්‍ය්‍යධර්‍මයාගේ විපාක නැතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දානඵල විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සෝවත්ඵල විපාක නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සෙදගැමිඵලය … අනගැමිඵලය … රහත්ඵලය විපාක නො වේ ද?