Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 701-800 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: විඥාන අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
181. ස. පු: රූප නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නීලරූප නිසා නීලකපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ස. අනු: පීතරූප නිසා ... ලෝහිතරූප නිසා ... ඔදාතරූප නිසා ... සනිදර්‍ශන (ද්‍රෂ්ටව්‍යභාව සඞ්ඛ්‍යාත නිදර්‍ශන හා පවත්නා) රූප නිසා ... අනිදර්‍ශන රූප නිසා ... සත්ප්‍රතිඝ (විෂය විෂයී සංඝට්ටන යයි කියන ලද ප්‍රතිහනන සමඟ පවත්නා) රූප නිසා ... අප්‍රතිඝ රූප නිසා අප්‍රතිඝපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
182. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලවේදනා නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ .. .
ස. පු: කුශලවේදනා නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කුශලවේදනා සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලපුද්ගල ද සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ
183. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශල වේදනා නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැ යුතු මැ යැ ...
ස. පු: අකුශලවේදනා නිසා අකුශල පුද්ගලප්‍රඥප්ති වේ ද? (දෙවනවට යි)
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අකුශල වේදනා සඵල, සවිපාක, අනිෂ්ටඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශල පුද්ගල ද සඵල, සවිපාක, අනිෂ්ටඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය දුක්ඛවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
184. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්තිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අව්‍යාකෘතවේදනා නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අව්‍යාකෘතවේදනා නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අව්‍යාකෘතවේදනා අනිත්‍ය, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරොධධර්‍ම, පෙරළෙන සැහැවි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අව්‍යාකෘතපුද්ගල ද අනිත්‍ය වූයේ, ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ, ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ, ක්‍ෂයස්වභාව ඇතියේ, ව්‍යයස්වභාව ඇතියේ, විරාගස්වභාව ඇතියේ, නිරෝධස්වභාව ඇතියේ, පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
185. ස. පු: සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා ... පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශල නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: කුශලවිඥාන නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කුශලවිඥාන සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලපුද්ගල ද සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
186. ස. පු: විඤ්ඤාණය නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලවිඥාන නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අකුශලවිඥාන නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අකුශලවිඥාන සඵල, සවිපාක, අනිෂ්ඨඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ ය.
ස. අනු: අකුශලපුද්ගල ද සඵල, සවිපාක, අනිෂ්ඨඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
187. ස. පු: විඥාන නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අව්‍යාකෘතවිඥාන නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අව්‍යාකෘතවිඥාන නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අව්‍යාකෘතවිඥාන අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන ස්වභාව ඇතියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අව්‍යාකෘතපුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
188. ස. පු: චක්‍ෂුස නිසා ‘චක්‍ෂුර්මත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුස නිරුද්ධ වත් මැ ‘චක්‍ෂුර්මත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වා නිසා ... කාය නිසා ... මනස නිසා ‘මනස් ඇති පුද්ගලයහ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනස නිරුද්ධ වත් මැ ‘මනස් ඇති පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
189. ස. පු: මිථ්‍යාදෘෂ්ටි නිසා මිථ්‍යාදෘෂ්ටික පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාදෘෂ්ටි නිරුද්ධ වත් මැ ‘මිථ්‍යාදෘෂ්ටික පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැ යුතු ම යැ ...
ස. පු: මිථ්‍යාසංකල්ප නිසා ... මිථ්‍යාවාක් නිසා ... මිථ්‍යාකර්‍මාන්ත නිසා ... මිථ්‍යාආජීව නිසා ... මිථ්‍යාව්‍යායාම නිසා ... මිථ්‍යාස්මෘති නිසා ... මිථ්‍යාසමාධි නිසා ‘මිථ්‍යාසමාධිමත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්‍යාසමාධි නිරුද්ධ වත් මැ ‘මිථ්‍යාසමාධිමත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
190. ස. පු: සම්‍යග්දෘෂ්ටි නිසා ‘සම්‍යග්දෘෂ්ටික පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෘෂ්ටි නිරුද්ධ වත් මැ ‘සම්‍යග්දෘෂ්ටික පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: සම්‍යක් සංකල්ප නිසා ... සම්‍යග්වාග් නිසා ... සම්‍යක්කර්‍මාන්ත නිසා ... සම්‍යක්ආජීව නිසා ... සම්‍යක්ව්‍යායාම නිසා ... සම්‍යක්ස්මෘති නිසා ... සම්‍යක්සමාධි නිසා ‘සම්‍යක්සමාධිමත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක්සමාධිය නිරුද්ධ වත් මැ ‘සම්‍යක්සමාධිමත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
191. ස. පු: රූප නිසා ... වේදනා නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්‍ධයන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: රූප නිසා ... වේදනා නිසා ... සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?