Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 7801-7900 න් 15036

අනු. ඨ: ඉදින් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව … මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
6. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: සංස්කාරස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
7. ස. පු: චක්ඛුවිඤ්ඤාණය … මනෝවිඤ්ඤාණය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: විඤ්ඤාණස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් මනෝවිඥානය විඥානස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘මනෝවිඥානය විඥානස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
8. ප. පු: යම්සේ දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් ද, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ ද, සුනඛයෙක් ගර්දුලබන්‍ධයෙන් (බලුදමින්) සඞ්ගෘහීත වේ ද, එසෙයින් මැ ඒ ධර්‍මයෝ ඒ ධර්‍මයන් විසින් සඞ්ගෘහීත වෙත් ද?
පටි. ඨ: ඉදින් දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් නම්, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ නම්, සුනඛයා ගර්දුලබන්‍ධයෙන් සඞ්ගෘහීත වේ නම්,
පටි. පා: භවත, එකරුණින් ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත කිසි ධර්‍ම කෙනෙක් ඇතැ’ යි කියැයුතු මැ යැ.
සඞ්ගහිතකථා නිමි.
සම්පයුත්තකථා
[යම් හෙයකින් තලයෙහි පැතිර සිටුනා තෙල සෙයින් වේදනාදි ධර්‍මයෝ සංඥාදි ධර්‍මයෙහි අනුප්‍රවිෂ්ට වූවාහු නො වෙත් ද, එහෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඥාන සම්ප්‍රයුක්ත යනාදිය නිරර්‍ත්‍ථක වෙති’යි රාජගිරික සිද්ධත්‍ථික ආදි නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට සම්ප්‍රයුක්තකථා එයි.]
1. ස. පු: කිසි ධර්‍ම කෙනෙකුන් සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් හා සහගත, සහජාත, සසට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සහගත, සහජාත, සංසෘෂ්ට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ දෙක හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: සංඥා සංස්කාර විඥානස්කන්‍ධ තුන වේදනා සංඥා සංස්කාරස්කන්‍ධයන් හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ප. පු: යම්සේ තලයෙහි තෙල අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, උගුයෙහි රස අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, එපරිදි මැ ඒ දහම්හු ඒ දහමුන් හා අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇත්තාහු වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
සම්පයුත්තකථා නිමි.
චේතසිකකථා
[‘චෛතසිකධර්‍ම නැති’ යි රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට චෛතසික කථා එයි.]
1. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තයා හා සහගත, සහජාත, හැනීගිය, සම්ප්‍රයුක්ත, එක්ව උපත් ඇති, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චිත්තයා හා සහගත, සහජාත, සංසෘෂ්ට, සම්ප්‍රයුක්ත, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චෛතසික ධර්‍ම නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ස්පර්‍ශය චෛතසික යැ’යි කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … අනපත්‍රපා චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනපත්‍රපා චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනපත්‍රපා චෛතසික යැ’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘ස්පර්‍ශය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන ස්පාර්ශිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘වේදනාව හා … සංඥාව හා … චේතනාව හා … ශ්‍රද්ධාව හා … වීර්‍ය්‍යය හා … ස්මෘතිය හා … සමාධිය හා … ප්‍රඥාව හා … රාගය හා … ද්වේෂය හා … මෝහය හා … අනපත්‍රපාව හා … සම්ප්‍රයුක්ත වශයෙන් සහජාතයහ’ යි හේතු කොට ගෙන ‘අනොත්තප්පිකාවෝ’ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
5. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු
“චිත්තචෛතසිකධර්‍මයෝ චතුස්සත්‍යාවබෝධය කළ මහණහට අනාත්ම හෙයින් වෙති. ඒ චිත්තචෛතසිකයන් හීනප්‍රණීත කොට දැන විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා මහණ අනිත්‍ය ධර්‍මය දන්නේ යැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් චෛතසිකධර්‍ම ඇත.
6. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “කෙවට්ටය, මෙ සස්නෙහි මහණ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ද කියයි, චෛතසිකය ද කියයි, විතර්‍කණා ද කියයි, විචාරණා ද කියයි: තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත ඉත්‍ථමප්‍රකාරත් වෙයි, තාගේ සිත මෙපරිදි දු වේ” යි ප්‍රකට කොට කියා යි. මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් චෛතසික ධර්‍ම ඇත.
චෛතසිකකථා නිමි.
දානකථා
[ත්‍යාගචේතනා යැ විරති යැ දේයධර්‍ම යැ යි දානයෝ තුන් දෙනෙකි. තුලුහු අර්‍ත්‍ථවශයෙන් චෛතසිකධර්‍ම යැ දේයධර්‍ම යැ යි දෙපරිදි වෙති. රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීහු චෛතසිකධර්‍මය මැ දාන විසින් ගනිති, දේයධර්‍මය නො ගනිති. උන්ගේ වාද බිඳුනට දානකථා එයි.]
1. ස. පු: ‘දාන’ යනු චෛතසිකධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ප්‍රාණවධ පරිත්‍යාගයෙන් වන විරතිය මෙරමාහට අභයදාන වේ නු යි කළ පිළින යි.)
ස. අනු: ස්පර්‍ශය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥාචෛතසික මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දානය අනිටුඵල, අමිහිරිඵල, නොමනාඵල, සේචනකඵල, දුක් උදා දෙනු, දුක්විවා දෙනු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. අනු: දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය සුඛවිපාක වන්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ නම්,