අනු. ඨ: ඉදින්, භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නම්,
අනු. පා: එකරුණින් භවත ‘පෘථිවිධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි නොකියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: උදකය දක්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උදකය දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
5. ප. පු: ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දිලෙන ගිනි දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දිලෙන ගිනි දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
6. ප. පු: ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
7. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (චක්‍ෂුරින්‍ද්‍රිය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, ඇසෙහි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. අනු: ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
10. ප. පු: ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඇස, කන, නැහැය, දිව, කය දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ඇස, කන, නැහැය, දිව, කය දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි කියැයුතු මැ යැ.
11. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (කායකර්‍ම) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුසෙහි ගැටේ ද, චක්‍ෂුස්හුගේ ආපාථයට පැමිණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
12. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. අනු: ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
14. ප. පු: ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
පඨවීධාතු සනිදස්සනාදිකථා නිමි.
ෂෂ්ඨවර්‍ගය නිමි.
එහි උද්දානය:
නියාමකථා යැ, පටිච්චසමුප්පාදකථා යැ, සච්චකථා යැ, ආරුප්පකථා යැ, නිරෝධසමාපත්තිකථා යැ, ආකාසකථා යැ, ආකාසසනිදස්සනකථා යැ, පඨවීධාතු සනිදස්සනකථා යැ, ආපෝධාතු සනිදස්සනකථා යැ, තෙජොධාතු සනිදස්සනකථා යැ, වායෝධාතු සනිදස්සනකථා යැ, පඤ්චින්‍ද්‍රිය සනිදස්සනකථා යැ, කායකම්මසනිදස්සනාදිකථා යි.
සප්තම වර්‍ගය
7. 1.
සඞ්ගහිතකථා
[දාමාදියෙන් බලවර්‍දයන් සෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඒකවිධෙන රූපසඞ්ගහො’ යනාදිය නිරර්‍ත්‍ථක යැ යි රාජගිරිකයන් සිද්ධාර්ත්‍ථිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සඞ්ගහිතකථා එයි.]
1. ස. පු: කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: චක්ඛායතනය කවර ස්කන්‍ධගණනාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධගණනාවට (සඞ්ඛ්‍යාවට) යෙයි.
අනු. ඨ: ඉදින් චක්ඛායතනය රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතන කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් කායායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘කායායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
3. ස. පු: රූපායතනය … සද්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් ඵොට්ඨබ්බායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ඵොට්ඨබ්බායතනය රූපස්කන්‍ධ සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
4. ස. පු: සුඛවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් සුඛවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සුඛවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
ස. පු: දුඃඛවේදනා … උපේක්‍ෂාවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටි: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
අනු. ඨ: ඉදින් උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ
5. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.