Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 7601-7700 න් 15036

ප. අනු: සංස්කෘත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් නිරෝධසමාපත්ති අසංස්කෘත වේ.
නිරෝධසමාපත්තිකථා නිමි.
ආකාසකථා
[පරිච්ඡේදාකාස යැ කසිණුගඝාටිමාකාස යැ අජටාකාස යැ යි ආකාශය ත්‍රිවිධ වෙයි. ඔවුනතර පරිච්ඡේදාකාසය සංස්කෘත වෙයි. ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර වෙයි. එ දෙක සංස්කෘත නො වනුයෙන් අසංස්කෘත යයි උත්තරාපථකයන් මහිංසාසකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාස කථා එයි.]
1. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ආකාශය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාකාශය ආකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කෘතය අසංස්කෘතය කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ආකාශය අනාකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය සංස්කෘත කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ආකාශයෙහි පක්‍ෂීහු යෙති, සඳහිරු දෙදෙන යෙති, තාරකරූපයෝ යෙති, ඍද්ධිවිකුවර්‍වණ කෙරෙති, බාහුව සලති, අත් සලති, කැට දමති, මුගුරු දමති, ඍද්ධි විහිදුවති, හී විදිත් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි පක්‍ෂීහු යෙත් ද, සඳහිරු දෙදෙන යෙත් ද, තාරකරූපයෝ යෙත් ද, ඍද්ධි විකුර්‍වණ කෙරෙත් ද, බාහුව සලත් ද, අත සලත් ද, කැට දමත් ද, මුගුරු දමත් ද, ඉදුහ විහිදුවත් ද, හී විදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ආකාශය පිරිවරා ගෘහයන් කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය පිරිවරා ගෙ කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ළින් කනනුලබන කල්හි අනාකාශය ආකාශ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කෘතය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සිස්ළිඳ පුරනුලබන කල්හි සිස් කොටුගුල් පුරනුලබන කල්හි සිසකුඹු පුරනුලබන කල්හි ආකාශය අතුරුදන් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය අතුරුදන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘ආකාශය අසංස්කෘත වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආකාශය සංස්කෘත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් ආකාශය අසංස්කෘත වේ.
ආකාසකථා නිමි.
ආකාසසනිදස්සනකථා
[කෙසිසිදුරු ආදියෙහි ඥානප්‍රවෘත්තිය නිසා හැම අජටාකාසය සනිදර්‍ශන වෙතී - ඇසට පෙණෙති’යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාසසනිදස්සනකථා එයි.]
1. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ආකාශය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, චක්‍ෂුස්හුගේ හමුවට එන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් ආකාශයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. අනු: “ඇසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී” යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ‘ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යයි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ආකාශය සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වෘක්‍ෂයන් දෙදෙනකුන්ගේ අන්තරය, ස්තම්භයන් දෙදෙනකුන්ගේ අන්තරය, කෙසිසිද්, වාකවුළුසිද් දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, දෙරුක් අතුරු, දෙටැම් අතුරු, කෙසිසිද් වාකවුළුසිද් දක්නේ නම්,
අනු. පා: එකරුණින් භවත ‘ආකාශය සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
ආකාසසනිදස්සනකථා නිමි.
පඨවීධාතු සනිදස්සනාදි කථා
[පාෂාණ, උදක, වෘක්‍ෂලතා, පඤ්චේන්‍ද්‍රියප්‍රතිෂ්ඨාවකාශ, වර්‍ණායතන, කායවිඥප්තිකාලයෙහි හස්තිපාදාදිරූප දැක පෘථිවීධාතු ආදිය සනිදර්‍ශන වෙති’ යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පඨවීධාතුසනිදස්සනාදි කථා එයි.]
1. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (පෘථිවීධාතු) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි” යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘පෘථිවීධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.