Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 7501-7600 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ප. පු: ‘සතර සත්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මොහු සතර දෙනෙක් තථ අවිතථ අනඤ්ඤථ වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ (පඤ්චස්කන්‍ධය) දුක යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදය යැ යන … මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධ යැ යන … මේ (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ යන තෙල කරුණ තථ අවිතථ අනඤ්ඤථ වෙයි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤ වෙති’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් සතර සත්‍යයෝ අසංස්කෘත වෙති.
සත්‍යකථා නිමි.
ආරුප්පකථා
[‘සතර ආරූප්‍යයෝ ආනෙඤ්ජ වෙති’ යි වදාළ වචන නිසා එහැම ධර්‍මයෝ අසංස්කෘත වෙති යි ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආරුප්පකථා එයි.]
1. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ අච්‍යුත, අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ආකාසානඤ්චායතනය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආකාසානඤ්චායතනය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ආකාසානඤ්චායතනෝපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතොපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ආකාසානඤ්චායතනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ආකාසානඤ්චායතනයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි සත්ත්‍වයෝ උපදිද්ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපප්‍රාප්ත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආකාසානඤ්චායතනයෙහි වේදනා සංඥා සංස්කාර ද? විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘සතර ආරූප්‍යයෝ අනෙජයෝ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සතර ආරූප්‍යයෝ අසංස්කෘත වෙති’ යි කියැයුතු මැ යැ.
ආරුප්පකථා නිමි.
නිරෝධසමාපත්තිකථා
[‘නිරෝධසමාපත්ති’ යනු සතර අරූපස්කන්‍ධයන්ගේ අප්‍රවෘත්ති යි. ඒ අප්‍රවෘත්ති කරනු ලබන හෙයින් සමවදනා ලබන හෙයින් ‘නිෂ්පන්න’ යයි කියනු ලැබේ. සංස්කෘතාසංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ඒ ‘සංස්කෘත’ යයි හෝ ‘අසංස්කෘත’ යයි හෝ නො කියයුතු වෙයි. එහි සංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ‘අසංස්කෘත’ යයි අන්‍ධකයන් උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට නිරෝධසමාපත්තිකථා එයි.]
1. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධයට සමවදනා, එය ප්‍රතිලාභ කරන උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන, නිපදවන වෙසෙසින් නිපදවන, දනවන, මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට සමවදනා, එය ප්‍රතිලාභ කරන, උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන නිපදවන, වෙසෙසින් නිපදවන, දනවන මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නිරෝධයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: නිරෝධසමවත් සමවදනාහට පළමු කොට වාක් සංස්කාර (විතර්‍ක - විචාර) නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර (ආශ්වාස - ප්‍රශ්වාස) ඉක්බිති චිත්තසංස්කාර (සංඥා - වේදනා) නිරුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට සමවදනාහට වාක්සංස්කාර පළමු කොට නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති චිත්තසංස්කාර නිරුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: නිරෝධයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය, අප්‍රණිහිතස්පර්‍ශය, යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය අප්‍රණිහිතස්පර්‍ශය යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහුට විවෙක (නිර්‍වාණ) යට අවනත වූ, විවේකයට නැමුණු, විවේකයට බර වූ සිත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහුට විවෙකනිම්න, විවේකප්‍රවණ, විවේකප්‍රාග්හාර සිත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘නිරෝධසමාපත්ති අසංස්කෘතයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.