ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ (අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර වෙති), යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ තුන් දෙනෙක් … අන්තරිකාවෝ තුන් දෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඔ ද අසංස්කෘත යැ … ‘ජාතිපච්චයා ජරාමරණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් ජාතියක් ඇද්ද උයිත් අසංස්කෘත යැ. නිවනත් අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දොළොස් දෙනෙක් … ලෙණයෝ දොළොස් දෙනෙක් … අන්තරිකාවෝ දොළොස් දෙනෙක් හෝ යි?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ප්‍රතීත්‍යසමුත්පාදකථා නිමි.
6. 3.
සච්චකථා
[“චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි” යන සූත්‍රය නිසා ‘සතර සත්‍යයෝ අසඞ්ඛත වෙති’ යි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සත්‍යකථා එයි.]
1. ස. පු: සතර සත්‍යයෝ අසඞ්ඛත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: ත්‍රාණයෝ සතර දෙනෙක් ලෙණයෝ සතර දෙනෙක් සරණයෝ සතර දෙනෙක් පරායණයෝ සතර දෙනෙක් අච්‍යුතයෝ සතර දෙනෙක් අමෘතයෝ සතර දෙනෙක් නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චතුර්විධ නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කායිකදුඃඛය, චෛතසිකදුඃඛය, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ අසංස්කෘත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: දුඃඛය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: කායිකදුඃඛය චෛතසිකදුඃඛය ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සමුදය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධයඅසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ. දුඃඛය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්‍යය අසංස්කෘත යැ. සමුදය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ, නිරෝධය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසත්‍යය අසංස්කෘත යැ, මාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ, දුඃඛය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වෙයි, සමුදය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වෙයි, මාර්‍ගය සංස්කෘත වේ ද?