Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 7101-7200 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම ප්‍රඥා පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (කසිණසමාපත්ති ප්‍රඥාව සඳහා ප්‍රතික්‍ෂේප යි.)
6. ස. පු: හැම ප්‍රඥා පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමාපත්තියට සමවන්නහුට ප්‍රඥා ඇත පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආපෝකසිණයට … තෙජොකසිණයට … වායෝකසිණයට … නීලකසිණයට … පීතකසිණයට … ලෝහිතකසිණයට … ඔදාතකසිණයට … ආකාසානඤ්චායතනයට … විඤ්ඤාණඤ්චායතනයට … ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට දන් දෙන්නහුට … සිවුරු දෙන්නහුට … පිඬුවා දෙන්නහුට … සෙනසුන් දෙන්නහුට … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ප්‍රඥා ඇත. ඒ ප්‍රඥා පටිසම්භිදාඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘හැම ඥාන පටිසම්භිදාඤාණ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෝකෝත්තර ප්‍රඥායෙක් ඇත. ඒ ප්‍රඥාව පටිසම්භිදාඤාණ නො වේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අනු. පා: එ කරුණින් හැම ඥාන පටිසම්භිදාඤාණ නම් වෙයි.
පටිසම්භිදාකථා නිමි.
සම්මුතිඤාණකථා
[‘සංවෘතිසත්‍ය යැ පරමාර්‍ත්‍ථසත්‍ය යැ යි සත්‍යයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් මෙසේ විභාග නො කොට ‘සත්‍ය’ යන වචන සාමාන්‍යයෙන් සංවෘතිඥානය ද සත්‍යාලම්බන මැ යයි බෙණෙත් ද, ඔහු ‘අයුක්තවාදීහු’ යයි උන්ගේ වාදවිශෝධනය පිණිස සම්මුතිකථා එයි.]
1. ප. පු: ‘සම්මුතිඤාණය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥාන ඇත්තේ නො වේ ද? පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටෙන්නේ නො වේ ද? නොහොත් සංවෘති සත්‍යය මැ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥානය ඇත් නම්, පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
2. ප. පු: ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආපෝකසිණය … තේජෝකසිණය … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත් නම්, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
3. ස. පු: සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් දුඃඛය පිරිසිඳ දන්නේ සමුදය දුරු කරන්නේ නිරෝධ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ මාර්‍ගය වඩන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
සම්මුතිඤාණකථා නිමි.
චිත්තාරම්මණකථා
[‘චෙතොපරියායඤාණ යන වචනමාත්‍රය මැ ගෙන ඒ ඥානය චිත්තාරම්මණ මැ වෙයි’ යන අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට චිත්තාරම්මණකථා එයි.]
1. ස. පු: චේතෝපරියායඤාණය චිත්තාරම්මණ මැ වත් මුත් අන්‍යාලම්බන නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තය ‘සරාග චිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සරාගචිත්තය ‘සරාගචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
ස. අනු: වීතරාගචිත්තය … සදෝසචිත්තය … වීතදොසචිත්තය … සමෝහචිත්තය … වීතමෝහචිත්තය … සංක්‍ෂිප්තචිත්තය … වික්‍ෂිප්තචිත්තය … මහද්ගතචිත්තය … අමහද්ගතචිත්තය … සඋත්තරචිත්තය … අනුත්තරචිත්තය … සමාහිතචිත්තය … අසමාහිතචිත්තය … විමුක්තචිත්තය … අවිමුක්තචිත්තය … ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිමුක්තචිත්තය ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … චේතනාලම්බනඥානය … චිත්තාලම්බනඥානය … ශ්‍රද්ධාලම්බනඥානය … වීර්‍ය්‍යාලම්බනඥානය … ස්මෘත්‍යාලම්බන ඥානය … සමාධ්‍යාලම්බනඥානය … ප්‍රඥාලම්බනඥානය … රාගාලම්බනඥානය … ද්වේෂාලම්බනඥානය … මොහාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චේතෝ පරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනපත්‍රපාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තෙල) ස්පර්‍ශපර්‍ය්‍යායඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (එබඳු සූත්‍රපදයක් නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
5. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චිත්තපර්‍ය්‍යායඥාන’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තෙල) අනපත්‍රපාපර්‍ය්‍යායඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: ‘චිත්තපර්‍ය්‍යායඥානය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නොවෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: (තෙල) චිත්තපර්‍ය්‍යායඥාන නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චිත්තපර්‍ය්‍යායඥාන වේ නම්,
අනු. පා: භවත, එකරුණින් චිත්තපර්‍ය්‍යායඥාන චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
චිත්තාලම්බනකථා නිමි.
අනාගතඤාණකථා
[අනාගතය අන්තර අනන්තර විසින් දෙවැදෑරුම් වෙයි. එහි අනන්තර අනාගතයෙහි එකැතින් මැ ඤාණයෙක් නැත. එසේ මැ ඒකවීථි එකජවන පර්‍ය්‍යාපන්න අනාගතයෙහිදු නැත. අන්‍ධක ආදි යම් නිකායවාසී කෙනෙක් නිර්විශේෂයෙන් හැම අනාගතයෙහි මැ ‘ඥාන’ ඇති යි කියත් ද උන්ගේ වාද බිඳුනට අනාගතඤාණකථා එයි.]
1. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප ගත් අනාගත ඥානයෙන් අනන්තර අනාගතය මූලාදි වශයෙන් දත හෙන්නේ දැ යි සොයන්නට ප්‍රශ්න නඟයි.) ඒ අනාගතය මූල වශයෙන් දන්නේ ද, නිදාන වශයෙන් දන්නේ ද, සම්භව වශයෙන් දන්නේ ද, ප්‍රභව වශයෙන් දන්නේ ද, සමුත්‍ථාන වශයෙන් දන්නේ ද, ආහාර වශයෙන් දන්නේ ද, ආරම්මණ වශයෙන් දන්නේ ද, ප්‍රත්‍යය වශයෙන් දන්නේ ද, සමුදය වශයෙන් දන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනන්තරානාගත චිත්තය ඇසුරු කළ හේතුප්‍රත්‍යයතාව දන්නේ ද, ආලම්බනප්‍රත්‍යයතාව දන්නේ ද, අධිපතිප්‍රත්‍යයතාව දන්නේ ද, අනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද, සමනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්‍රභූපුද්ගලයාට සොවත්මගෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමි … අනගැමි … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: ‘අනාගතයෙහි ඥානය ඇති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය පැළලුප්නුවරට අන්තරායයෝ තිදෙනෙක් වෙති: වහ්නියෙන් හෝ උදකයෙන් හෝ මිථුභේදයෙන් හෝ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් ‘අනාගතයෙහි ඥානය ඇත’ යි (දෙසූ සූත්‍රය හැම තන්හි අනාගතඥානයට සාධක නො වනුයෙන් මෙහි අසාධක යි.)
අනාගතඤාණකථා නිමි.
පච්චුප්පන්නඤාණකථා
[‘සර්‍වසංස්කාර අනිත්‍ය විසින් දක්නා ලදැ’ යි වචනය නිසා නිර්විශේෂයෙන් හැම ප්‍රත්‍යුත්පන්නයෙහි මැ ඥානය ඇති යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන් ගේ වාද බිඳුනට පච්චුප්පන්න ඤාණ කථා එයි.]
1. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය ඇද්ද?