ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට විපර්‍ය්‍යාස ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ප. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට හැම ම පොළෝ වේ ද? (එ හැම පඨවීකසිණ ලක්‍ෂණපෘථිවිය මැ වේ දැ’ යි අසයි.)
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇත.
11. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පොළොව ඇත්තේ නො වේ ද? පඨවිය පඨවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? (නිමිත්තපෘථිවී ඇත්තේ නො වේ ද? පෘථිවිය පෘථිවිභාවයෙන් මැ වත් මුත් ආපෝභාවයෙන් තෙජොභාවයෙන් සම නො වදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? යනු අර්‍ත්‍ථ යි.)
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පෘථිවී ඇත් නම් පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත් නම්,
අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
12. ස. පු: පෘථිවිය ඇත, පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනහුට විපරීත ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන් ඇත, නිවන නිවන් විසින් සමවදනහුට විපරීත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. නිග: එකරුණින් ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
විපරීතකථා නිමි.
5. 4.
නියාමකථා
[යම් පුද්ගලයෙක් සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද, එයින් භාග්‍යවතුන් වහන්සේ ‘මෙතෙම ධර්‍මාභිසමයට භව්‍යයෙකැ’ යි දන්නා සේක් ද, එහෙයින් අනියත වූ පෘථග්ජන පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
1. ස. පු: අනියත වූ පෘථග්ජනයාහට නියාමගමනය පිණිස (මාර්‍ගගමනය පිණිස) ඥානයෙක් ඇද්ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: නියත වූ පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අනියත පුද්ගලයාට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … සම්‍යක් ප්‍රධානයෝ … ඍද්ධිපාදයෝ … ඉන්‍ද්‍රියයෝ … බලයෝ … බෝධ්‍යඞ්ගයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනයට නියාමයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
අනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්‍රභූපුද්ගලයාහට සොවත්මඟෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට … අනගැමිඵල පසක් කරන්නට … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට අර්‍හත්ත්‍වයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ප. පු: ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘මේ පුද්ගල සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ යැ, මේ පුද්ගල ධර්‍මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘මේ පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ. මේ පුද්ගල ධර්‍මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි කියැයුතු මැ යැ.
නියාමකථා නිමි.
5. 5.
පටිසම්භිදාකථා
[‘ආර්‍ය්‍යයන්ගේ යම් මැ ඥානයෙක් ඇද්ද, එ හැම ලෝකෝත්තර මැ වෙති’ යි ගෙනැ හැම ඥානය මැ පටිසම්භිදායෙහි වැටෙතියි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිසම්භිදාකථා එයි.]
1. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පඨවීකසිණ සම්මුතියෙහි සමවත් නැණ සඳහා ප්‍රතික්‍ෂේප යි.)
2. ස. පු: සම්මුතිඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් සම්මුතිය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
3. ස. පු: හැම ඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්‍ය්‍යන්ගේ ඥානය සඳහා පිළින යි.)
ස. අනු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පුහුදුන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
4. ස. පු: චේතෝපරියායඥානය පටිසම්භිදාඤාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආර්‍ය්‍යයන්ගේ ඥානය සඳහා පිළින යි.)
ස. අනු: යම් කෙනෙක් පරචිත්තය දනිත් ද, ඔහු හැම පිළිසිඹියා පැමිණියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: හැම ඤාණ පටිසම්භිදාඤාණ වේ ද?