ප. පටි: එසේ නො කියැයුතු යැ …
අපරාපි සමන්නාගතකථා නිමි.
4. 10.
සඤ්ඤොජනප්පහානකථා
[‘නිෂ්පර්‍ය්‍යාය වශයෙන් මැ සර්‍වසංයෝජන ප්‍රහාණය අර්‍හත්ත්‍වය වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සංයොජනප්පහාන කථා එයි.]
1. ස. පු: සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍වය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (රහත්මඟින් අප්‍රහීණ සංයොජනයක් නැතියෙන් කළ ප්‍රතිඥා යි.)
ස. අනු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්‍රථමමාර්‍ගයෙන් ප්‍රහීණභාවය ගෙන කළ ප්‍රතික්‍ෂේප යි.)
3. ස. පු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් අනවශේෂප්‍රහාණය සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සියලු සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්මඟින් සියලු සංයෝජනයන්ගේ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්‍යාපාදය දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්‍යාපාදය දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
9. ප. පු: ‘සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත්හට සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ වූවාහු නො වෙද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට සර්‍වසංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සර්‍වසංයෝජනයන්ගේ ප්‍රහාණය අර්‍හත්ත්‍ව යැ’ යි කියැයුතු මැ යැ.
සඤ්ඤොජනප්පහානකථා නිමි.
සතරවැනි වර්‍ගය නිමි.
එහි උද්දානය:
ගිහිස්ස අරහාතිකථා යැ උපපත්තිකථා යැ අනාසවකථා යැ සමන්නාගතකථා යැ උපෙක්ඛාසමන්නාගතකථා යැ බෝධියාබුද්ධෝතිකථා යැ ලක්ඛණකථා යැ නියාමොක්කන්තිකථා යැ අපරාපි සමන්නාගතකථා යැ සඤ්ඤොජනප්පහානකථා යැ යි චතුර්‍ත්‍ථවර්‍ගයෙහි කථා දසයෙකි.
පඤ්චම වර්‍ගය
5. 1.
විමුත්තිකථා
[විදර්‍ශනා යැ මාර්‍ග යැ ඵල යැ ප්‍රත්‍යවේක්‍ෂණ යැ යි චතුර්විධ ඥානයනට ‘විමුත්තිඥාන’ යනු නමෙකි. එහි විදර්‍ශනාඥානය නිත්‍ය නිමිත්තාදීන් විමුක්ත හෙයින් හෝ තදඞ්ගවිමුක්තිභාවයෙන් විමුක්ත හෙයින් හෝ විමුක්තිඥා නම් වෙයි. මාර්‍ගය සමුච්ඡේදවිමුක්ති නම් වෙයි. ඵලය ප්‍රතිප්‍රශ්‍රබ්ධි විමුක්ති නම් වෙයි. ප්‍රත්‍යවේක්‍ෂණඥානය වනාහි විමුක්තිය දනී ය යන හේතුවින් විමුක්තිඥාන වෙයි. මෙසේ චතුර්විධ විමුක්තිඥානයෙහි නිෂ්පර්‍ය්‍යායයෙන් ඵලඥානය මැ විමුක්ති නමු. සෙසු ඥානයෝ ‘විමුක්තයහ’ යි හෝ ‘අවිමුක්තයහ’ යි හෝ නො කියැයුතු වෙති. මේ විමුක්තිඥානය විමුක්ත යයි නො කියා නිර්විශේෂයෙන් ‘විමුක්තිඥානය විමුක්ත යැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විමුක්තිකථා එයි.]
1. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කිසි විමුක්තිඥානයෙක් ඇද්ද, එහැම විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යවේක්‍ෂණඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්‍රභූපුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපන්නයාගේ ඥානය ශ්‍රෝතාපත්තිඵලයට පැමිණියහුගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සකෘදාගාමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමිහුගේ ඥානය සකෘදාගාමිඵලප්‍රාප්තයාගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අනගැමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහුගේ ඥානය අනගැමිඵලයට පැමිණි, ප්‍රතිලබ්ධ, අධිගත, පසක් කළහුගේ ඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ ඥානය රහත් බවට පැමිණියහුගේ රහත්බව පිළිලැබු, අධිගත, පසක් කළහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?