ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෙදගැමිත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ වී නම්,
අනු. පා: භවත, “රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ” යයි නො කියැයුතු මැ යැ.
17. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය අපායගමනීයරාගය අපායගමනීයද්වේෂය අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මවී නම්,
අනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
19. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මසිටියේ ඖදාරිකකාමරාගය ඖදාරිකව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මවී නම්,
අනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
21. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිමග ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ වී නම්,
අනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය … අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්ම සිටියේ වී නම්,
අනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
25. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මගියේ ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මගියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ වේ නම්,
අනු. පා: භවත, ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
27. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මගියේ සත්කායදෘෂ්ටිය … අපායගමනයට හිත මෝහය ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ප. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
29. ප. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: භවත, එකරුණින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙවැදෑරුම් ඵලයෙන් සමන්‍වාගත වේ ය’ යනු කියැයුතු මැ යැ.
30. ප. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වේ නම්, එයිනුදු අපරිහීන වේ නම්,
අනු. පා: භවත, එකරුණින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
31. ස. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ, එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් චතුර්විධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සිවුමඟින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
33. ස. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙමගින් සමන්‍වාගත වේ ද?