Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 6601-6700 න් 15036

ස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවක වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ භාවිත බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. (එහෙත්) කසුප් බුදුන්ගේ සව්වෙක් නො ද වී යැ?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. (එහෙත්) අප බුදුන්ගේ සව් නො ද වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
11. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නොවන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්ත ගැහැවි, හත්‍ථකආළවක අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසරවස් ඇතියේ විය. එහෙත් අප බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවක (යම් ජාතියෙක ආර්‍ය්‍යශ්‍රාවක වූයේ ඒ) ජාතිය ඉක්ම ගියේ (අන්‍ය ජාතියෙක දී) අශ්‍රාවක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ආනන්‍දය, මම මතු සම්‍යක්සම්බෝධිය පිණිස කසුප්බුදුන් කෙරෙහි බඹසරවස් සැරීමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් “බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී” යයි කියැයුතු යැ.
14. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“මම සියල්ල මැඩ සිටියෙම් සියල්ල දතුයෙම් වෙමි. සර්‍වධර්‍මයෙහි අනපලිප්තයෙමි. හැම කෙලෙස් හළෙමි. නිවන් නිමිති කොට විමුක්තයෙමි. තමා මැ ස්වයම්භූඥානයෙන් මැනැවින් දැනගෙන ආචාර්‍ය්‍ය භාවයෙන් කවරකු උදෙසම් ද?
මට ඇදුරෙක් නැත. මට සදෘශයෙක් නැත. සදේවක ලෝකයෙහි මට ප්‍රති (සමාන) පුද්ගලයෙක් නැත.
මම වනාහි ලෝකයෙහි රහත්මි. මම අනුත්තර ශාස්තෘයෙමි. කේවල සම්‍යක්සම්බුද්ධයෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් ශීතලීභූත වූයෙම් නිවුණේ වෙමි. දම්සක් පවත්වනුවට කසීපුර යෙමි. අන්‍ධභූතලෝකයෙහි අමෘත දුන්‍දුභිය ගසමි.
ඇවැත්නි, යම් පරිදි තෙපි පිළින කරවු ද, අනන්තජින වන්නට නිසියාව. (උපකවචනයි.)
යම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු වෙත් නම් ඒකාන්තයෙන් ඒ මා වැන්නෝ ජින වෙති. උපකයෙනි, මා විසින් පාපක අකුශලධර්‍මයෝ දිනනලදහ. එයින් මම ජින වෙමි” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
15. ස. පු: බෝසත් කසුප්බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ වදාළාහු නො: “මහණෙනි: ‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර අනුශ්‍රැත නො වූ දහම්හි මට චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥා පහළ විය, විද්‍යා පහළ විය, ආලොකය පහළ විය. මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥේය යැ’ යි මට … මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥාත යැ’ යි මට … ආලොකය පහළ විය. මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍ය යැ’ යි … මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහීණ යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’ යි මට … මහණෙනි, දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කෘත යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිත යැ’ යි මට ... ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘බෝසත් කසුප්බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
නියාමොක්කන්තිකථා නිමි.
අපරාපි සමන්නාගතකථා
[‘චතුර්‍ත්‍ථමාර්‍ගස්ථ පුද්ගල ප්‍රාප්තිධර්‍ම වශයෙන් තුන් ඵලයෙන් සමන්‍වාගත වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරාපි සමන්නාගතකථා’ එයි.]
1. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් තුන්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතීන් චතුර්විධ සමාධීන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත් බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසෝත අකනිට්ඨගාමී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝතාපන්න, සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත පුඟුල් ‘සෝතාපන්න’ යයි කියැයුතූ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුලාත් හෙ මැ සෙදගැමිත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අනගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘අනගැමි’ යයි කියැයුතූ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ රහත්ඵල පසක් කරන්නට පිළිපන්නේත් හෙ මැ අනගැමිත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?