ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
33. ස. පු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
සමන්‍වාගතකථා නිමි.
4. 5.
උපෙක්ඛාසමන්නාගතකථා
[‘ඒකක්‍ෂණයෙහි රහත්නට සියලු උපේක්‍ෂාවන්ගේ උත්පත්තිභාවයෙක් නැති’යි දක්වන්නට උපෙක්ඛාසමන්නාගතකථා එයි.]
1. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සවැදෑරුම් ස්පර්‍ශයෙන් සවැදෑරුම් වේදනායෙන් සවැදෑරුම් සංඥායෙන් … සවැදෑරුම් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් ඇසින් රූප දක්නේ කනින් ශබ්ද අසා ද, නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කෙරේ ද, දිවින් රස ආස්වාද කෙරේ ද, කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද, සිතින් ධර්‍මය දනී ද? සිතින් ධර්‍මය දන්නේ ඇසින් රූප දකී ද … කනින් ශබ්ද අසා ද … ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කෙරේ ද … දිවින් රස ආස්වාද කෙරේ ද … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරන්තරයෙන් අනවරතයෙන් නුබුන් කොට සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වූයේ සමවහිත වූයේ වේ ද, සවැදෑරුම් උපේක්‍ෂාවෝ එළඹ සිටියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත් ෂඩඞ්ගෝපේක්‍ෂා ඇතියේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් ෂඩඞ්ගෝපේක්‍ෂා ඇතියේ වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
උපෙක්ඛාසමන්නාගතකථා නිමි.
4. 6.
බෝධියාබුද්ධෝතිකථා
[‘බෝධි’ නමින් මාර්‍ගඥානය ද, සර්‍වඥතාඥානය ද ගැනේ. ඒ බව නො සලකා ‘සුදු පැහැයෙන් සුදුය, කලු පැහැයෙන් කලුය’ කියන්නාක් මෙන් “බෝධියෙන් බුද්ධ” යයි ලබ්ධිගත් වාදීකෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බෝධියා බුද්ධෝතිකථා එයි.]
1. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බෝධිය (මාර්‍ගඥානය) නිරුද්ධ වත් මැ විගත වත් මැ සන්හුන් වත් මැ අබුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතබෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි බෝධි නැතියෙන් කළ ප්‍රතික්‍ෂෙපයි.)
3. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ බෝධියෙන් බෝකරණී (අවබෝධ) කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ කරුණෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
4. ස. පු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (කළ බෝකරණීයෙහි සම්මෝහ නැතියෙන් කළ පිළින යි.)
ස. අනු: ඒ බෝධියෙන් දුඃඛසත්‍යය පරිඥාන කෙරේ ද, සමුදයසත්‍යය ප්‍රහාණ කෙරේ ද, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් තත් කෘත්‍යය නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
5. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ ක්‍ෂණයෙහි මාර්‍ගඥාන නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
6. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (‘අගමා රාජගහං බුද්ධෝ’ යි ඵලෝපචාරයෙන් කී තැන් දැක අනාගත බෝධියෙන් බුද්ධභාවය පිළින කෙරෙයි.)
ස. අනු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
7. ස. පු: ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ බෝධියෙන් දුඃඛපරිඥාන කෙරේ ද … මාර්‍ගභාවනා කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, … මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
13. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද, අනාගත බෝධියෙන් බුද්ධ වේ ද, ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ත්‍රිකාලවර්තීවූ සර්‍වඥතාඥානය සඳහා කළ පිළින යි.)
ස. අනු: තුන් බෝධීන් බුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (තුන්බෝධි ඒකක්‍ෂණයෙහි නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
17. ස. පු: තුන් බෝධීන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරතුරු අනවරතයෙන් නුබුන් කොට තුන් බෝධියෙන් සමන්‍වාගත වූයේ සමවහිත වූයේ ද, තුන් බොධීහු එළැඹසිටියාහු ද?