Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 6301-6400 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ අනගැමි මැ ඒ ශ්‍රෝතාපන්නයා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සකෘදාගාමීහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ අනගැමි මැ ඒ සකෘදාගාමී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ සෙදගැමි මැ ඒ සෝතාපන්නයා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත් සෝතාපත්තිඵලය (නැවත අනුත්පත්ති විසින්) ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
17. ස. පු: රහත් සෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස හා අපායගමනයට හිත වූ රාගය, අපායගමනයට හිත වූ ද්වේෂය, අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
19. ස. පු: රහත් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සෙදගැමිමඟ ඉක්මසිටියේ ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: රහත් අනාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත් අනාගාමිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
21. ස. පු: රහත් අනාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් අනාගාමිමාර්‍ගය ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමි සෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, ‘අනගැමි සකෘදාගාමිඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
25. ස. පු: අනගැමි සකෘදාගාමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි සකෘදාගාමිමාර්‍ගය ඉක්මසිටියේ ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ වේ නම්,
අනු. පා: භවත, ‘සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු මැ යැ.
27. ස. පු: සෙදගැමි ශ්‍රෝතාපත්තිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ශ්‍රෝතාපත්තිමාර්‍ගය ඉක්මසිටියේ සක්කායදිට්ඨි … අපායගමනයට හිත වූ මෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ප. පු: ‘රහත් චතුර්විධඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු නො වෙද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණාහු වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රහත් චතුර්විධඵලයෙන් සමන්‍වාගතයහ’ යි කියැයුතු මැ යැ.
29. ප. පු: ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි කියැයුතු මැ යැ.
30. ප. පු: ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිවේධ කරන ලද්දාහු එයිනුදු නො පිරිහුණේ වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගතයහ’යි කියැයුතු මැ යැ …
31. ස. පු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහතුන් වහන්සේ විසින් චතුර්විධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන රහත් චතුර්විධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?