Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 6201-6300 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට සිවුරු දේ නම්, (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට පිණ්ඩපාත දේ නම්, සෙනසුන් දේ නම්, ගිලන්පසබෙහෙසද්පිරිකර දේ නම් (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: ‘රහත්හුගේ හැම ධර්‍මයෝ අනාශ්‍රවහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: රහත් අනාස්‍රව නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් අනාස්‍රව වේ නම්,
අනු. පා: එ කරුණින් භවත, රහත්හුගේ හැම ධර්‍මයෝ අනාස්‍රවහ’ යි කියැයුතු මැ යැ …
අනාස්‍රවකථා නිමි.
සමන්නාගතකථා
[සමඞ්ගීභාවසමන්‍වාගම යැ ප්‍රතිලාභසමන්‍වාගම යැ යි සමන්‍වාගමයෝ දෙදෙනෙකි. මේ උභය සමන්‍වාගමයන් තබා අන්‍ය වූ උපපත්තිධර්‍ම වශයෙන් එන සමන්‍වාගමයෙක් ඇති යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට සමන්නාගතකථා එයි.]
1. ස. පු: රහත් සතර ඵලයෙකින් සමන්‍වාගත වේ ද? (ප්‍රාප්තිධර්‍ම නමින් යමෙක් නැති’ යි අවබෝධ කරවනු පිණිස ප්‍රශ්න යි.)
ප. පටිඤ්ඤා: එසේ යැ (ප්‍රාප්ති ධර්‍ම සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: රහත් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතියෙන් චතුර්විධ සමාධියෙන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද? (රහත් තොප මතයෙහි චතුර්විධ ඵලයෙකින් සමන්‍වාගත වේ නම්, එසේ වත් මැ සතර ඵලයෙහි සතර ස්පර්‍ශාදියෙනුදු සමන්‍වාගත බව වියයුතු යැ යි චෝදනා පිණිස කළ අනුයෝග යි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒකක්‍ෂණයෙහි ස්පර්‍ශාදි සතර නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි)
2. ස. පු: අනගැමි තුන් ඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සෙදගැමි දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් අනගැමි වූයේ අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසංඛාරපරිනිබ්බායී වූයේ සසංඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනගැමි සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි සෙදගැමි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ රහත් මැ ඒ සෝවන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමියහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ රහත් මැ ඒ සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අනගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘අනගැමියහ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ රහත් මැ ඒ අනගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: ශ්‍රෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘ශ්‍රෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?