Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 6101-6200 න් 15036

අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි නො වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්ති චිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්තිචිත්තය සමග අනගැමි නො වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සැරියුත් තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: මහමුගලන් තෙර … මහකසුබු තෙර … මහකසයින් තෙර … මහාකොට්ඨිත තෙර … මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් මහපතු තෙර උපප්‍රාප්තිචිත්තය සමග රහත් නො වී නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ උපප්‍රාප්ති ඉස්නා (ප්‍රතිසන්‍ධි සොයන) සිතින් රහත්බව පසක් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය සිත නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, … අසාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: උපපත්තෙසිය චිත්තය අනෛර්‍ය්‍යාණික වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපපත්තෙසිය චිත්තය නෛර්‍ය්‍යාණික නො වූයේ ක්‍ෂයගාමී නො වූයේ බෝධගාමී නො වූයේ අපචයගාමී නො වූයේ සාස්‍රව වූයේ … සාංක්ලේශික වූයේ වේ නම්,
අනු. පා: භවත, ‘උපප්‍රාප්තිචිත්තය සමග රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
12. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් රාගය දුරු කෙරේ ද, ද්වේෂය දුරු කෙරේ ද, මෝහය දුරු කෙරේ ද, අනපත්‍රපා දුරු කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියචිත්තය මාර්‍ග වේ ද ස්මෘතිප්‍රස්ථාන වේ ද … සම්‍යක්ප්‍රධාන වේ ද … ඍද්ධිපාද වේ ද … ඉන්‍ද්‍රිය වේ ද … බල වේ ද … බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් දුඃඛසත්‍යය පරිඥාන වශයෙන් දනී ද, සමුදයසත්‍යය දුරු කෙරේ ද, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: උපප්‍රාප්තිචිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ච්‍යුතිචිත්තය මාර්‍ගචිත්ත, උපපත්තෙසියචිත්ත, ඵලචිත්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
උපපත්තිකථා නිමි.
අනාසවකථා
[‘අනාස්‍රව වූ රහත්හුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, එහැම දහම්හු අනාස්‍රවයහ’යි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අනාසවකථා එයි.]
1. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය ඵලය නිර්‍වාණය ශ්‍රෝතාපත්තිමාර්‍ගය ශ්‍රෝතාපත්තිඵලය සකෘදාගාමිමාර්‍ගය සකෘදාගාමිඵලය අනාගාමිමාර්‍ගය අනාගාමිඵලය අර්‍හත්ත්‍වමාර්‍ගය අර්‍හත්ත්‍වඵලය සමෘතිප්‍රස්ථානය සම්‍යක්ප්‍රධානය ඍද්ධිපාදය ඉන්‍ද්‍රියය බලය බෝධ්‍යඞ්ගය යන මොහු අනාස්‍රවධර්‍මයෝ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (අනාස්‍රවයා අයත් හෙයින් පිළින කෙරෙයි.)
ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්හුගේ ශ්‍රෝත්‍රය … රහත්හුගේ ඝ්‍රාණය … රහත්හුගේ ජිහ්වාව … රහත්හුගේ කාය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය, … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හුගේ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාස්‍රවධර්‍මය ප්‍රග්‍රහනිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රහත්හුගේ කයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ,
ස. අනු: අනාස්‍රවධර්‍මයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රහත්හුගේ කය කාරාබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, රජ්ජුබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, හැකිළි බැම්මෙන් බඳනට ලැබේ ද, ග්‍රාමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නිගමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නගරබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, ජනපදබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාස්‍රවධර්‍මය අන්‍දුබන්‍ධනයෙන් බඳනට රජ්ජුබන්‍ධනයෙන් බඳනට ශෘඞ්ඛලිකාබන්‍ධනයෙන් බඳනට ග්‍රාම … නිගම … නගර … ජනපද … කණ්ඨපඤ්චමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට සිවුරු දේ නම් අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු.: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට පිණ්ඩපාත දේ නම්, ශයනාසන දේ නම්, ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාර දේ නම්, අනාස්‍රව වැ සාස්‍රව වේ ද?