Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 5901-6000 න් 15036

අනු. පා: භවත,’අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභව වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභවත් වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, … අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, අසංඥසත්ත්‍ව නම් දෙවි කෙනෙක් ඇත. සංඥෝත්පාදයෙන් ඒ දෙවියෝ ඒ දෙවකායයෙන් සැව යෙති”යි වදාරන ලද්දේ නො වේ ද? සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත.
11. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇද්ද?
ප. වි: කිසි කලෙක ඇත. කිසි කලෙක නැත.
ස. අනු: කිසි කලෙක සංඥසත්ත්‍වයෝ කිසි කලෙක අසංඥසත්ත්‍ව වෙත් ද, කිසි කලෙක සංඥාභවය කිසි කලෙක අසංඥභව වේ ද, කිසි කලෙක පඤ්චවෝකාරභවය කිසි කලෙක ඒකවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥාව කිසි කලෙක ඇද්ද, කිසි කලෙක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කවර කලෙක ඇද්ද, කවර කලෙක නැද්ද?
ප. වි: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් ඇත. ස්ථිතිකාලයෙහි නැත.
ස. අනු: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥසත්ත්‍වයෝ ස්ථිතිකාලයෙහි අසංඥසත්ත්‍ව වෙත් ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥාභවය ස්ථිතිකාලයෙහි අසංඥභව වේ ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් පඤ්චවෝකාරභවය ස්ථිතිකාලයෙහි ඒකවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අසඤ්ඤකථා නිමි.
නේවසඤ්ඤානාසඤ්ඤායතන කථා
[‘නේවසඤ්ඤානාසඤ්ඤායතන, යන වචන වශයෙන් ඒ භවයෙහි සංඥායෙක් නැති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා එයි.]
1. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥභවය, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සංඥාභවය, සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සංඥාභවය සංඥාගති ... සංඥාත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ, යනු නො කියැයුතු යැ.
2. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චතුවෝකාරභවය ගති … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ අසංඥභවයත්, අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’ යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ ඒකවෝකාරභවයත්, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ සංඥාභවයත් සංඥාගති … සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: (තොප මතයෙහි) ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු යැ. ඒ චතුවෝකාරභවයත් ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,
අනු. පා: භවත,’නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇත යනු නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.
8. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. ආකාසානඤ්චායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.