Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 5801-5900 න් 15036

අනු. ඨ: ඉදින් දිව්‍යචක්‍ෂුස නැත්තේ දිව්‍යචක්‍ෂුස නො ලද්දේ අධිගම නො කෙළේ ප්‍රත්‍යක්‍ෂ නො කෙළේ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
6. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් නම්,
අනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
7. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල වදාළහු නො?
“පූර්වේනිවාසඥානය පිණිස මාගේ ප්‍රණිධියෙක් නො මැ ඇත. දිව්‍යචක්‍ෂුස පිණිස ද නො ද ඇත. පරචිත්තවිජානනය පිණිස ද නො වෙයි. ඍද්ධිය පිණිස ද නො වෙයි. ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිය පිණිස ද නො වෙයි. ච්‍යුත්‍යුපපාතය පිණිස ද නො වෙයි”
වදාළ සූත්‍රානත්තයෙක් ඇත්තේ මැ නු?{1}
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වෙයි’ යනු නො කියැයුතු යැ.
යථාකම්මූපගතඤාණකථා නිමි.
සංවරකථා
[තව්තිසාවැසි දෙවියන් පටන්කොට ඉන් මතු දෙවියන් කෙරෙහි පඤ්චවේර නැතියෙන් සංවර ඇති’ යි ලබ්ධි ගත් වාදීහු ඇත. උන්ගේ වාද බිඳුනට සංවරකථා එයි.]
1. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංවරයෙන් සංවරය ශීල නො? දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ ද? දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. නි: නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇත් නම්,
අනු. පා: භවත, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යනු කියැයුතු.
අනු. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල යැ’ යි ද, දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇති යි කියැයුතු යැ’ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි නො කියැයුතු යැ යි ද එහිලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා වෙයි.
පටි. ඨ: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි ඉදින් නො කියැයුතු නම්,
පටි. පා: භවත, ‘අසංවරයෙන් සංවරය ශීල නු යි දෙවියන් කෙරෙහි සංවරය ඇති’ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි සංවර ඇති’ යි කියැයුතු යැ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවර ඇති යි නො කියැයුතු යැ’ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
4. ස. පු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාතයෙන් විරමණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධයෙන් විරමණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: දෙවියන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ප. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇත්තාහු මුසවා බණන්නාහු මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන්නාහු වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇත.
සංවරකථා නිමි.
අසඤ්ඤකථා
[‘අසංඥසත්ත්‍වයනට ද, ච්‍යුතිප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සංඥායෙක් ඇති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන් සඳහා අසංඥකථා එයි.]
1. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංඥාභවයෙක් සංඥාගතියෙක් සංඥාසත්ත්‍වාවාසයෙක් සංඥාසංසාරයෙක් සංඥායෝනියෙක් සංඥාත්මභාවප්‍රතිලාභයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් ඇත් නම්,