Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5701-5800 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-3:64.19
ස. අනු: ධර්‍මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.21
11. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.23
ස. අනු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.24
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.25
12. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.26
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.27
ස. අනු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
ap-kvu-3:64.28
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:66.1
13. ස. පු: චක්‍ෂුසයෝ දෙදෙනෙක් ඇද්ද?
ap-kvu-3:66.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:66.3
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂුස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
ap-kvu-3:66.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:66.5
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැ’යි චක්‍ෂූස්හු තුන්දෙනෙක් වදාරන ලද්දාහු නම්,
ap-kvu-3:66.6
අනු. පා: භවත, චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ යයි නො කියැයුතු යි.
ap-kvu-3:66.7
14. ස. පු: චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ වෙත් ද?
ap-kvu-3:66.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:66.9
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ චක්‍ෂුස්හු තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක යත්: මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, ප්‍රඥාචක්‍ෂුසැයි මහණෙනි, මොහු තුන් චක්‍ෂුස්හු වෙති” යි.
ap-kvu-3:66.10
“මාංසචක්‍ෂුස, දිව්‍යචක්‍ෂුස, අනුත්තර වූ ප්‍රඥාචක්‍ෂුස යන මේ තුන් චක්‍ෂුසයන් පුරුෂෝත්තමයෝ වදාළහ. මාංසචක්‍ෂුස්හුගේ උත්පාදය දිව්‍යචක්‍ෂුසට මාර්‍ග වෙයි.
ap-kvu-3:66.11
යම් කලෙකැ අනුත්තර ප්‍රඥාචක්‍ෂුස වූ ඥානය පහළ වී ද, ඒ චක්‍ෂුස්හුගේ ප්‍රතිලාභයෙන් හැම දුකින් මිදේ” යයි
ap-kvu-3:66.12
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ap-kvu-3:66.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:66.14
අනු. පා: එකරුණින් ‘චක්‍ෂුස්හු දෙදෙනෙක් මැ’ යයි නො කියැයුතු යැ.
ap-kvu-3:66.15
දිබ්බචක්ඛුකථා නිමි.
ap-kvu-3:68.1
3. 8.
ap-kvu-3:68.2
දිබ්බසොතකථා
ap-kvu-3:68.3
[මෙහි ද නිදාන දිබ්බචක්ඛුකථායෙහි වැන්න.]
ap-kvu-3:68.4
1. ස. පු: ධ්‍යානධර්‍මයෙන් වහල ලද මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:68.6
ස. අනු: මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, දිව්‍යශ්‍රෝත්‍රය මාංසශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.7
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:68.8
2. ස. පු: ධර්‍මොපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:68.10
ස. අනු: යම්බඳු මාංසශ්‍රොත්‍රයෙක් වේ නම් එබඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් ඇද්ද, යම්බඳු දිව්‍යශ්‍රෝත්‍රයෙක් වේ නම් එබඳු මාංසශ්‍රොත්‍රයෙක් ඇද්ද?
ap-kvu-3:68.11
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:68.12
3. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:68.14
ස. අනු: එ මාංසශ්‍රෝත්‍රය මැ ඒ දිව්‍යශ්‍රෝත්‍ර වේ ද, ඒ දිව්‍යශ්‍රෝත්‍රය ඒ මාංසශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.15
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:68.16
4. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:68.18
ස. අනු: මාංසශ්‍රෝත්‍රයාගේ යම්බඳු වූ විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිව්‍යශ්‍රොත්‍රයාගේත් එබඳු විෂය අනුභව ගෝචර ඇද්ද?
ap-kvu-3:68.19
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:68.20
5. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසශ්‍රෝත්‍රය දිව්‍යශ්‍රෝත්‍ර වේ ද?
ap-kvu-3:68.21
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:68.22
ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ap-kvu-3:68.23
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.1
6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ap-kvu-3:70.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.3
ස. අනු: කාමාවාචර වී රූපාවචර වේ ද?
ap-kvu-3:70.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.5
7. ස. පු: කාමාවාචර වී රූපාවචර වේ ද?
ap-kvu-3:70.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.7
ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ap-kvu-3:70.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.9
8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ap-kvu-3:70.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.11
ස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?
ap-kvu-3:70.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.13
9. ස. පු: දැහැන්දහමින් වහල් ලද මාංසශ්‍රෝත්‍රය දිවකන් වේ ද?
ap-kvu-3:70.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.15
ස. අනු: දැහැන්දහමින් වහල් ලද දිවකන මස්කන් වේ ද?
ap-kvu-3:70.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.17
10. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මස්කන දිවකන් වේ ද?
ap-kvu-3:70.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.19
ස. අනු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?
ap-kvu-3:70.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:70.21
11. ස. පු: ශ්‍රෝත්‍රය එකෙක් මැ වේ ද?
ap-kvu-3:70.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.23
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මස්කනැ, දිවකනැයි” කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නො වේ ද?
ap-kvu-3:70.24
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:70.25
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මස්කනැ, දිවකනැ’යි කන්හු දෙදෙනෙක් වදාරන ලද්දාහු නම්,
ap-kvu-3:70.26
අනු. පා: භවත, ‘ශ්‍රෝත්‍රය එකෙක් මැ යැ’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-3:70.27
දිබ්බසොතකථා නිමි.
ap-kvu-3:72.1
3. 9.
ap-kvu-3:72.2
යථාකම්මූපගතඤාණකථා
ap-kvu-3:72.3
[“ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන –පෙ– යථාකම්මූපගෙ සත්තෙ පජානාති” යන සූත්‍ර නුනුවණින් ගෙන යථාකම්මූපගඤාණය මැ දිව්‍යචක්‍ෂුසැ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උන්ගේ වාද බිඳුනට යථාකම්මූපගත ඤාණකථා එයි.]
ap-kvu-3:72.4
1. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ap-kvu-3:72.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:72.6
ස. අනු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ap-kvu-3:72.7
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:72.8
2. ස. පු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ap-kvu-3:72.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:72.10
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ, චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ap-kvu-3:72.11
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:72.12
3. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍ය චක්‍ෂුස් වේ ද?
ap-kvu-3:72.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:72.14
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහ’යි ද මෙනෙහි කෙරෙයි, යළි ‘මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායසුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද නො කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිව්‍යචක්‍ෂුසින් රූප දක්නේ වේ ද?
ap-kvu-3:72.15
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:74.1
4. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ap-kvu-3:74.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:74.3
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි …. ‘ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිවැසින් රූප දක්නේ වේ ද?
ap-kvu-3:74.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:74.5
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ap-kvu-3:74.6
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:74.7
5. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ap-kvu-3:74.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:74.9
ස. අනු: දිව්‍යචක්‍ෂුස නැති දිව්‍යචක්‍ෂුස නො ලත් අධිගම නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇද්ද?
ap-kvu-3:74.10
ප. පටිඤ්ඤා: එසේ යැ.