Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5601-5700 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-3:56.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.3
ස. අනු: අෂ්ටමක පුද්ගල සැදැහැ නැත්තේ වේ ද?
ap-kvu-3:56.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.5
13. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:56.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.7
ස. අනු: අෂ්ටමක පුද්ගල කුසීත වූයේ හීනවීර්‍ය්‍ය වූයේ වේ ද?
ap-kvu-3:56.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.9
14. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ස්මෘතීන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:56.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.11
ස. අනු: අෂ්ටමක පුද්ගල මුෂිතස්මෘති වූයේ සමප්‍රඥාන නැත්තේ වේ ද?
ap-kvu-3:56.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.13
15. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට සමාධීන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:56.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.15
ස. අනු: අෂ්ටමක පුද්ගල සමාහිත නො වූයේ විභ්‍රාන්තචිත්ත ඇතියේ වේ ද?
ap-kvu-3:56.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.17
16. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:56.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.19
ස. අනු: අෂ්ටමක පුද්ගල දුෂ්ප්‍රාඥ වූයේ කෙළතොලු වූයේ වේ ද?
ap-kvu-3:56.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.21
17. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ඒ ශ්‍රද්ධා ද නෛර්‍ය්‍යාණික වේ ද?
ap-kvu-3:56.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:56.23
අනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත් නම්, ඒ ශ්‍රද්ධාත් නෛර්‍ය්‍යාණික වූ නම්,
ap-kvu-3:56.24
අනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-3:58.1
18. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යය ඇත. ඒ වීර්‍ය්‍යයත් නෛර්‍ය්‍යාණික වේ ද … ස්මෘති ඇත, ඒ ස්මෘතියත් නෛර්‍ය්‍යාණික වේ ද … සමාධි ඇත, ඒ සමාධියත් නෛර්‍ය්‍යාණික වේ ද … ප්‍රඥා ඇත, ඒ ප්‍රඥාත් නෛර්‍ය්‍යාණික වේ ද?
ap-kvu-3:58.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:58.3
අනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත් නම්, ඒ ප්‍රඥාවත් නෛර්‍ය්‍යාණික වූ නම්,
ap-kvu-3:58.4
අනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-3:58.5
19. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ප්‍රතිපන්න පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:58.7
ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:58.9
20. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:58.11
ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:58.13
21. ස. පු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද ... ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:58.15
ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:58.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:58.17
22. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:58.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:58.19
ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:58.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:60.1
23. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:60.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:60.3
ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:60.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:60.5
24. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:60.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:60.7
ස. අනු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:60.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:60.9
25. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ නැද්ද?
ap-kvu-3:60.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:60.11
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රිය කෙනෙක් වෙති. කවර පඤ්චේන්‍ද්‍රිය කෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි. මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමතායෙන් අර්‍හත් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝවන් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන්නේ වෙයි. මහණෙනි, යමක්හට මේ පඤ්චේන්‍ද්‍රියයෝ සර්‍වාභාවයෙන් සර්‍වාකාරයෙන් නැද්ද, මම ඔහු බාහිර වූ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියෙකැයි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-3:60.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:60.13
ස. අනු: අෂ්ටමක පුද්ගල බාහිර වූයේ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියේ වේ ද?
ap-kvu-3:60.14
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:60.15
ස. ආ: එකරුණින් අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.
ap-kvu-3:60.16
අෂ්ටමක ඉන්‍ද්‍රියකථා නිමි.
ap-kvu-3:62.1
3. 7.
ap-kvu-3:62.2
දිබ්බචක්ඛුකථා
ap-kvu-3:62.3
[‘චතුර්‍ත්‍ථධ්‍යානධර්‍මයෙන් වහල ලද මසැස මැ දිවැස නම් වෙයි’ ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක සම්මිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දිබ්බචක්ඛුකථා එයි.]
ap-kvu-3:62.4
1. ස. පු: චතුර්‍ත්‍ථධ්‍යානයෙන් වහල ලද මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:62.6
ස. අනු: මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද, දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.7
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:62.8
2. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:62.10
ස. අනු: යම්බඳු මාංසචක්‍ෂුසෙක් ඇද්ද? එබඳු දිව්‍යචක්‍ෂුසෙක් වේ ද? යම් බඳු දිව්‍යචක්‍ෂුසෙක් ඇද්ද, එබඳු මාංසචක්‍ෂුසෙක් වේ ද?
ap-kvu-3:62.11
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:62.12
3. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:62.14
ස. අනු: එ මැ මාංසචක්‍ෂුස ඒ දිව්‍යචක්‍ෂුස වේ ද? ඒ දිව්‍යචක්‍ෂුස ඒ මාංසචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.15
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:62.16
4. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:62.18
ස. අනු: මසැස්හුගේ යම් බඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිවැස්හුගේ එබඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් වේ ද?
ap-kvu-3:62.19
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:62.20
5. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:62.21
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:62.22
ස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ap-kvu-3:62.23
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.1
6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
ap-kvu-3:64.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.3
ස. අනු: කාමාවචර වී රූපාවචර වේ ද?
ap-kvu-3:64.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.5
7. ස. පු: කාමාවචර වී රූපාවචර වේ ද?
ap-kvu-3:64.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.7
ස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ap-kvu-3:64.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.9
8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
ap-kvu-3:64.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.11
ස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?
ap-kvu-3:64.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.13
9. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:64.15
ස. අනු: කාමාවචරධර්‍මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:64.17
10. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
ap-kvu-3:64.18
ප. පටිඤ්ඤා: එසේ යැ.