16. ප. පු: ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වීතරාග වීතද්වේෂ වීතමෝහ නික්ලේශචිත්තය මිදේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අනු. ආ: එකරුණින් ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු යැ.
විමුත්තිකථා නිමි.
3. 4.
විමුච්චමානකථා
[විෂ්කම්භණ විමුක්තීන් විමුක්ත වූ චිත්තය මාර්‍ගක්‍ෂණයෙහි දි සමුච්ඡේදවිමුක්තීන් විමුච්‍යමාන නම් වෙති’යි ගත් ලබ්ධි බිඳුනට විමුච්‍යමානකථා එයි.]
1. ස. පු: විමුක්ත වූ චිත්තය (මාර්‍ගක්‍ෂණයෙහි දී) විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් සෝවන් වූයේ එකදෙශයක් සෝවන් නො වූයේ එකදෙශයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ, බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ, ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වූයේ, එකදෙශයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේ වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: එකදෙශයක් විමුක්ත වූයේ එකදෙශයක් අවිමුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් සකෘදාගාමී වූයේ එකදෙශයක් සකෘදාගාමී නො වූයේ එකදෙශයක් සකෘදාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් අනාගාමී වූයේ එකදෙශයක් අනාගාමී නො වූයේ එකදෙශයක් අනාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසඞ්ඛාරපරිනිබ්බායී වූයේ සසඞ්ඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ වේ ද, එකදෙශයක් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙශයක් අර්‍හත් වූයේ එකදෙශයක් අර්‍හත් නො වූයේ එකදෙශයක් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් වීතරාග වූයේ වීතදෝස වූයේ වීතමෝහ වූයේ … එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වූයේ එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උත්පාදක්‍ෂණයෙහි විමුක්ත වූයේ භවාඞ්ගක්‍ෂණයෙහි විමුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත භවාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙයි.
8. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො? “හේ මෙසේ සමාහිත සිත – පරිශුද්ධ වත් මැ පර්‍ය්‍යවදාත වත් මැ අනඞ්ගණ වත් මැ විගතෝපක්ලේශ වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නිශ්චලප්‍රාප්ත වත් මැ ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’ යි නො කියැයුතු යැ.
9. ස. පු: විමුච්‍යමාන චිත්තයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රජ්‍යමාන දූෂ්‍යමාන මුහ්‍යමාන ක්ලිශ්‍යමාන චිත්තයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රක්ත වූයේ මැ අරක්ත වූයේ ත්, දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත්, මූඪ වූයේ මැ අමූඪ වූයේත්, ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත්, භින්න වූයේ මැ අභින්න වූයේත්, කෘත වූයේ මැ අකෘත වූයේත් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රක්ත වූයේ මැ අරක්ත වූයේත් දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත් මූඪ වූයේ මැ අමූඪ වූයේත් ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත් භින්න වූයේ මැ අභින්න වූයේත් කෘත වූයේ මැ අකෘත වූයේත් වේ නම්,
අනු. පා: භවත, ‘විමුච්‍යමානචිත්තයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
විමුච්‍යමානකථා නිමි.
3. 5.
අට්ඨමකකථා
[මාර්‍ගක්‍ෂණයෙහි ක්ලේශසමුදාචාර නැතියෙන් ‘අෂ්ටමක වූ ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ පුද්ගලයාගේ පර්‍ය්‍යුත්‍ථානයෝ දෙදෙනෙක් ඇති’යි ලබ්ධිගත් වාදීහු ඇත. අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමකකථා එයි.]
1. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (මාර්‍ගක්‍ෂණයෙහි පටන් දෘෂ්ටිඅනුත්පත්ති පැනෙනුයෙන් කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ, ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ එයට පැමිණ වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද? (දෘෂ්ටි නම් ශ්‍රෝතාපන්නයාහට මැ ප්‍රහීණ යි. මාර්‍ගස්ථයාහට නො වෙයි. එයින් කළ අනුයෝගයි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ … නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා : එසේ යැ.
ස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (‘අනුශය නම් පර්‍ය්‍යුත්‍ථානයෙන් අනෙකෙකි’යි පරවාදීන්ගේ ලබ්ධි වෙයි. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)
4. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ශීලව්‍රතපරාමර්‍ශපර්‍ය්‍යුත්‍ථාන නමින් ව්‍යවහාරයෙක් නැත. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)
5. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (තත්ක්‍ෂණයෙහි වර්‍තමාන වශයෙන් භාවනා කරත් මිස භාවිත නො වනුයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
12. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?