Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 5301-5400 න් 15036

27. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
28. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
29. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
30. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
31. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වේ ද … අප්‍රණිහිතාලම්බන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
32. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
33. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
34. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
35. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ යයි … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අරියන්තිකථා නිමි.
විමුත්තිකථා
[පුහුන් රාග ඇති චිත්තයනට විමුක්තිප්‍රයෝජන නම් නැත. මල ගත් වස්ත්‍රයෙක් සෝදනු ලබනුයේ මලයෙන් මිදෙන්නේ වේ ද, එපරිදි රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන් සඳහා විමුක්තිකථා එයි.]
1. ස. පු: රාග සහිත සිත මිදේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාග සහගත රාග සහජාත රාග සංසෘෂ්ට රාගසම්ප්‍රයුක්ත රාගසහභූ රාගානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වු ග්‍රන්‍ථයෙන් ගෙතියයුතු වූ සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයනට හිත වූ සාංක්ලේශික වූ සිත මිදේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සවේදන චිත්තය … සසංඥ චිත්තය … සචේතන චිත්තය … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සස්පර්‍ශ සරාග චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සවේදන සරාග … සසංඥ සරාග … සචේතන සරාග … සසංඥ සරාග චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සදෝෂ චිත්තය මිදේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෝෂ සහගත දෝෂ සහජාත දෝෂ සංසෘෂ්ට දෝෂසහභූ දොෂානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතුණු සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: සස්පර්‍ශචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සදෝෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සදෝෂචිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සස්පර්‍ශ සද්වේෂ චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සද්වේෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සවේදන සද්වේෂ … සසංඥ සද්වේෂ … සචේතන සද්වේෂ … සසංඥ සද්වේෂ චිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: සමෝහචිත්තය මිදේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෝහ සහගත මෝහ සහජාත මෝහ සංසෘෂ්ට මෝහ සම්ප්‍රයුක්ත මොහසහභූ මෝහානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතෙන සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණිය වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෝහ සහිත චිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥචිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමෝහචිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සස්පර්‍ශ සමෝහචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ස. පු: සවේදන සමෝහ … සසංඥ සමෝහ … සචේතන සමෝහ … සසංඥ සමෝහචිත්තය මිදෙයි. සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …