2. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
5. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ස්මෘතිප්‍රස්ථානයෝ ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සම්‍යක්ප්‍රධානයෝ යැ, ඍද්ධිපාදයෝ යැ, ඉන්‍ද්‍රියයෝ යැ, බලයෝ යැ, බෝධ්‍යඞ්ගයෝ යැ, යන මොහු ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහුත් අනිමිත්තාලම්බන වූවාහුත් … අප්‍රණිහිතාලම්බන වූවාහුත් වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, ශුන්‍යතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැ … අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක්ප්‍රධාන යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මොහු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ස. පු: සම්‍යක්ප්‍රධානය … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
25. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ නො කියැයුතු වේ ද? … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු නවක්තව්‍යාලම්බන වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …