ස. අනු: තථාගතබල යම් බඳු වේ නම් ශ්‍රාවකබල එබඳු වේ ද, ශ්‍රාවකබල යම් බඳු වේ නම් තථාගතබල එබඳු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතයන් වහන්සේගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සඞ්ඛ්‍යාත ධර්‍මදේශනාව යම් බඳු වේ නම්, ශ්‍රාවකයාගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සංඛ්‍යාත ධර්‍මදේශනාව එබඳු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගත තෙම ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවක තෙමේ ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වඥ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගත තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාතමාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවක තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාත මාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ඉන්‍ද්‍රියපරාවරතා (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන්ගේ වෘද්ධිහානි පිළිබඳ) යථාභූතඥාන සඞ්ඛ්‍යාත තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවක තෙමේ සර්‍වඥ, සර්‍වදර්ශී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ප. පු: ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන (ඒ ඒ ධර්‍මයන්ට හේතුප්‍රත්‍යය වන නොවන කරුණු) දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන දන්නේ වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘ස්ථානාස්ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’යි කියැයුතු මැ යැ.
9. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන (ප්‍රත්‍යය) වශයෙන් හේතු වශයෙන් විපාක දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක දන්නේ වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
10. ප. පු: ශ්‍රාවක තෙමේ සර්‍වත්‍ර (සර්‍වගති) ගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් දන්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
11. ප. පු: ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතුලෝකය දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය දන්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනේකධාතු නානාධාතු ලෝකය පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
12. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘සත්ත්‍වයන්ගේ නානාධි මුක්තිකතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක සාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
13. ප. පු: ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘ධ්‍යාන – විමෝක්‍ෂ – සමාධි – සමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ වෙයි.
14. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතජන්මස්මරණය දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ පූර්වේනිවාසානුස්මෘතිය දන්නේ වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘අතීතජන්මස්මරණ පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
15. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
16. ප. පු: තථාගතයන් වහන්සේගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද, ශ්‍රාවකයාගේත් ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් ඇද්ද?
ස. වි: නැත.
අනු. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් නැත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
17. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
18. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
19. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
20. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
21. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
22. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
23. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
24. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පු: එසේ නො කියැයුතු යැ …
බලකථා නිමි.
3. 2.
අරියන්තිකථා
[‘හුදෙක් ආස්‍රවක්‍ෂයඥානය මැ ආර්‍ය්‍ය නො වෙයි, වැළිත් කැලැ මැ කී නවබලයෝ ද ආර්‍ය්‍යයහ’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘අරියකථා’ එයි.]
1. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මඟ යැ, ඵල යැ, නිවනැ, සෝවන්මඟ යැ, සෝවත්ඵල යැ, සෙදගැමිමඟ යැ, සෙදගැමිඵල යැ, අනගැමිමඟ යැ, අනගැමිඵල යැ, රහත්මඟ යැ, රහත්ඵල යැ, සීවටන, සම්‍යක්ප්‍රධාන යැ, ඍද්ධිපාද යැ, ඉන්‍ද්‍රිය යැ, බල යැ, බෝධ්‍යඞ්ග යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …