48. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්‍දය, සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ අභිභූ නම් ශ්‍රාවකතෙම බඹලොව සිටියේ දශසහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ –
“ආරම්භවීර්‍ය්‍යය කරව, නිෂ්ක්‍රමණවීර්‍ය්‍යය කරව, බුද්ධශාසනයෙහි (සතතප්‍රවෘත්තීන්) යෙදෙව. ඇතකු බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් කෙලෙස් මරසෙන් නසව.
යමෙක් මෙසස්නෙහි නො පමාව වෙසේ ද, හේ ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ යැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු පා: එකරුණින් සමවන්නහුට වාග්භේද ඇත. (සිඛිස්ස ආනන්‍ද – යනාදීන් එළැවූ සාධකසූත්‍රයෙහි යම් සමාපත්තිචිත්තයෙකින් ඒ වාග්භේද උපන්නේ නම්, එසිතින් කායභේදත් උපදනේ මැ යැ. එසිත ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන චිත්ත නො වෙයි. එයින් මැ සාධකත් නො වේ.)
වචීභේදකථා නිමි.
2. 6.
දුක්ඛාහාරකථා
[‘දුඃඛ යැ’ දුඃඛ යැ’යි බස් බණනුයේ දුඃඛයෙහි ඥානය එළවාලයි. ඒ දුඃඛාහාර නමි. තෙල දුඃඛාහාරය ‘මාර්‍ගාඞ්ගයෙකැයි, මාර්‍ගපර්‍ය්‍යාපන්න යැ’යි ලබ්ධි ගත් වාදීහු ඇති. පූර්‍වශෛලියයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දුඃඛාහාරකථා එයි.]
1. ස. පු: දුඃඛාහාරය මාර්‍ගාඞ්ග, මාර්‍ගපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් ‘දුඃඛ’ යයි වචන බෙණෙත් නම්, ඔහු හැම මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (අවිදර්‍ශකයන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
2. ස. පු: (නැවතත්) යම් කෙනෙක් ‘දුඃඛ’ යයි බස් බෙණෙත් නම් ඔහු හැම මාර්‍ගය වඩත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (විදර්‍ශකයන් සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: බාල පෘථග්ජනයෝ ‘දුඃඛ’ යයි වචන බෙණෙති. බාල පෘථග්ජනයෝ මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: මාතුඝාතක ... පිතුඝාතක ... අරහන්තඝාතක ... ලෝහිතුප්පාදක ... සඞ්ඝභේදක ‘දුඃඛ’ යයි වචන බෙණෙයි. සඞ්ඝභේදක මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
දුක්ඛාහාරකථා නිමි.
2. 7.
චිත්තට්ඨිතිකථා
[සමාපත්තිචිත්ත හා භවාඞ්ගචිත්තය හා දෙදෙන අනුප්‍රබන්‍ධ විසින් වැටෙනු දැක එක් මැ සිතෙක බොහෝකල් සිටිතියි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට චිත්තට්ඨිතිකථා එයි.]
1. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඩ දිනක් උත්පාදක්‍ෂණයෙහිත් අඩදිනක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: එක් සිතෙක් දෙදිනක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දවසක් උත්පාදක්‍ෂණයෙහිත් දවසක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: එක් සිතෙක් සතර දිනක් සිටුනේ වේ ද? ... අටදිනක් සිටුනේ වේ ද ... දස දිනක් සිටුනේ වේ ද ... විසිදිනක් සිටුනේ වේ ද ... මසක් සිටුනේ වේ ද ... දෙමසක් සිටුනේ වේ ද ... සාරමසක් සිටුනේ වේ ද ... අටමසක් සිටුනේ වේ ද ... දසමසක් සිටුනේ වේ ද ... හවුරුද්දක් සිටුනේ වේ ද ... දෑවුරුද්දක් සිටුනේ වේ ද ... සාරවසක් සිටුනේ වේ ද ... අට වසක් සිටුනේ වේ ද ... දසවසක් සිටුනේ වේ ද ... විසිවසක් සිටුනේ වේ ද ... තිස්වසක් සිටුනේ වේ ද ... සතලිස් වසක් සිටුනේ වේ ද ... පනස්වසක් සිටුනේ වේ ද ... සියක් වසක් සිටුනේ වේ ද ... දෙසියවසක් සිටුනේ වේ ද ... සිව්සියවසක් සිටුනේ වේ ද ... පන්සියවසක් සිටුනේ වේ ද ... දහස්වසක් සිටුනේ වේ ද ... දෙදහස්වසක් සිටුනේ වේ ද ... සාරදහස්වසක් සිටුනේ වේ ද ... අටදහස්වසක් සිටුනේ වේ ද ... සොළොස්දහස් වසක් සිටුනේ වේ ද ... කපක් සිටුනේ වේ ද ... දෙකපක් සිටුනේ වේ ද ... සාරකපක් සිටුනේ වේ ද ... අටකපක් සිටුනේ වේ ද ... සොළොස් කපක් සිටුනේ වේ ද ... දෙතිස්කපක් සිටුනේ වේ ද ... සූසැට කපක් සිටුනේ වේ ද ... පන්සියකපක් සිටුනේ වේ ද ... දහසක් කප් සිටුනේ වේ ද ...
දෙදහස් කප් සිටුනේ වේ ද ... සාරදහස්කප් සිටුනේ වේ ද ... අටදහස්කප් සිටුනේ වේ ද ... සොළොස්දහස්කප් සිටුනේ වේ ද ... විසිදහස්කප් සිටුනේ වේ ද ... සතලිස්දහස්කප් සිටුනේ වේ ද ... සැටදහස්කප් සිටුනේ වේ ද ... සුවාසූදහස්කප් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙසාලිස් දහස්කප් උත්පාදක්‍ෂණයෙහිත් දෙසාලිස් දහස්කප් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: එක් සිතෙක් දවසක් කල් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: එක් දින බොහෝ වර ඉපිද නිරුද්ධ වන අන්‍ය ධර්‍මයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (චිත්තයාගේ දීර්‍ඝස්ථිතිය පිණිස ප්‍රතිඥා යි.)
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපැද නස්නාසුලු වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත කෙතරම් වහා පෙරැළෙනසුලු වේ ද යත්: (එයට) උපමාවකුදු අතිශය දුෂ්කර වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එයින් මැ “ඒ දහම්හු සිතට වඩා වහා පෙරැළෙන සුල්ලහ”යි නො කියැයුතු.
ස. පු: තෙ ධම්මා චිත්තේන ලහුපරිවත්තාති.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, යම් පරිදි මකුළුයෙක් අරනැ මහවල්හි ඇවිදුනේ ශාඛාවක් ගන්නේ වේ ද, එ පියා අනෙකක් ගන්නේ වේ ද, මහණෙනි, එ පරිදි මැ ‘චිත්ත’ යයි ද ‘මන’ යයි ද ‘විඤ්ඤාණ’ යයි ද යම් දැයෙක් කියන ලද ද, එය රැය ද දහවල ද අනෙකෙක්ව මැ උපදනේ යැ, අනෙකෙක්ව මැ නිරුද්ධ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් ‘ඒ දහම්හු සිතට වඩා වහා පෙරළෙන සුල්ලහ’යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය දවසක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: ශ්‍රෝතවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ... අකුශලචිත්තය ... රාගසහගත චිත්තය ... ද්වේෂසහගත චිත්තය ... මෝහසහගත චිත්තය ... මානසහගතචිත්තය ... දෘෂ්ටිසහගත චිත්තය ... විචිකිත්සාසහගතචිත්තය ... සත්‍යානසහගතචිත්තය ... ඖද්ධත්‍යසහගතචිත්තය ... අහ්‍රීකසහගතචිත්තය ... අනපත්‍රපාසහගතචිත්තය දවසක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් මැ සිතෙකින් ඇසින් රූ දක්නේ ද, එසිතින් මැ කනින් ශබ්ද අසා ද? ... ඝ්‍රාණයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද? ... මනසින් දහම් දන්නේ ද? ... යම් මැ සිතෙකින් මනසින් දහම් දන්නේ නම් එ මැ සිතින් ඇසින් රූ දක්නේ ද? ... කනින් ශබ්ද අසා ද? ... නැහැයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් මැ සිතෙකින් ඉදිරි බලා යේ නම්, එසිතින් මැ පසුබැස ඒ ද? යම් මැ සිතෙකින් පසුබැස ඒ නම් එසිතින් මැ ඉදිරි බලා යේ ද? යම් මැ සිතෙකින් ඉදිරි බලා නම්, එ සිතින් මැ ඔබමොබ බලා ද? යම් මැ සිතෙකින් ඔබමොබ බලා නම් එ සිතින් මැ ඉදිරි බලා ද? යම් මැ සිතෙකින් සමිඤ්ජන කෙරේ නම් ඒ සිතින් මැ ප්‍රසාරණ කෙරේ ද? යම් මැ සිතෙකින් ප්‍රසාරණ කෙරේ නම්, එ සිතින් මැ සමිඤ්ජන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: ආනාසානඤ්චායතනෝපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුෂ්‍යයන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චාතුම්මහාරාජික දෙවියන්ගේ ... තාවතිංස දෙවියන්ගේ ... යාම දෙවියන්ගේ ... තුසිත දෙවියන්ගේ ... නිම්මානරති දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති දෙවියන්ගේ ... බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ ... බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ ... මහාබ්‍රහ්ම දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්හ දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුෂ්‍යයනට සියක් හවුරුද්දක් ආයුෂප්‍රමාණ වෙයි. මිනිසුන්ගේ එක් සිතෙක් සියක් හවුරුද්දක් කල් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් කල් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චාතුම්මහාරාජික දෙවියනට පන්සියක් හවුරුදු ආයුප්‍රමාණ වෙයි. චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් සිතෙක් පන්සියක් හවුරුදු සිටුනේ වේ ද ... තාවතිංස දෙවියන්ගේ එක් සිතෙක් දහසක් හවුරුදු සිටුනේ ද ... දෙදහසක් හවුරුදු සිටුනේ ද ... සිවුදහසක් හවුරුදු සිටුනේ ද ... අටදහසක් හවුරුදු සිටුනේ ද ... සොළොස් දහසක් හවුරුදු සිටුනේ ද ... කල්පය පිළිබඳ තුන්වන භාගය සිටුනේ ද ... අර්‍ධකල්පයක් සිටුනේ ද ... එක්කපක් සිටුනේ ද ... දෙකපක් සිටුනේ ද ...
සූකපක් සිටුනේ ද ... අටකපක් සිටුනේ ද ... සොළොස්කපක් සිටුනේ ද ... දෙතිස්කපක් සිටුනේ ද ... සූසැටකපක් සිටුනේ ද ... පන්සිය කපක් සිටුනේ ද ... කප්දහසක් සිටුනේ ද ... දෙකප්දහසක් සිටුනේ ද ... සාරකප්දහසක් සිටුනේ ද ... අටකප්දහසක් සිටුනේ ද ... අකණිට්ඨ දෙවියනට සොළොස්කප්දහසක් ආයු පමණ වෙයි. අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් සොළොස්කප්දහසක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ප. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සිත මොහොතක් පාසා උපදී ද? මොහොතක් පාසා නිරුද්ධ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ මොහොතක් පාසා ච්‍යුත වෙත් ද? මොහොතක් පාසා උපදිත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ යම් මැ සිතෙකින් උපදිත් ද? එසිතින් මැ ච්‍යුත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
චිත්තට්ඨිතිකථා නිමි.
2. 8.
කුක්කුළකථා
[“සබ්බං භික්ඛවේ ආදිත්තං, සබ්බේ සඞ්ඛාරා දුක්ඛා”යි - මහණෙනි, හැම ආදීප්ත යැ, සර්‍ව සංස්කාරයෝ දුඃඛයහයි වදාළ මේ ආදි සූත්‍රයන් නුනුවණින් ගෙන නිෂ්පර්‍ය්‍යායවශයෙන් “සර්‍වසංස්කාරයෝ සාළඟුරුමුසු හුණුඅළු වැනියහ”යි ලබ්ධි ගත් වාදීහු ඇත. ගොකුලිකයන් සෙයිනි. උන්ගේ වාද විවෙචන කරන්නට කුක්කුළ කථා එයි.]
1. ස. පු: සර්‍වසංස්කාරයෝ කොටස් විසින් බෙදුම් නො කොට හුණුහළු වැනි වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.