25. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
26. ස. පු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැත් නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
27. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
28. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෞකික චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
29. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
30. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
31. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්හුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
32. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...
33. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
34. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
35. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
36. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
37. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ (=වචනෝප්තත්ති හේතු)”යි වදාරනලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ”යි වදාරනලද නම් ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,
අනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
38. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත. ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
39. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
40. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නම්, ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,
අනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
41. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානයයි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ සංඥාසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
42. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය සංඥා සමුත්‍ථානය’යි වදාරන ලදි. තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
43. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
44. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර නිරුද්ධයහ’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
45. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: “තෘතීයධ්‍යාන සමවන්නහුට ප්‍රීති නිරුද්ධ වෙති’යි ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස නිරුද්ධ වෙති’යි ... ‘ආකාසානඤ්චායතන සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වෙති’යි ... ‘ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා නිරුද්ධ වෙති’යි ... ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා නිරුද්ධ වෙති’යි ... සඤ්ඤාවේදයිතනිරෝධ සමවන්නහුට සංඥාවේදනා දෙදෙන නිරුද්ධ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
46. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද්දේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද නම්,
අනු. පා: එහෙයින් භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.
47. ස. පු: “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලදැ”යි ගෙන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස දෙක කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකාසානඤ්චායතන සමවත් සමවන්නහුට රූපසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඤ්ඤාණඤ්චායතන සමවත් සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥාව කණ්ටකයැ’යි වදාරන ලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නහුට සංඥා වේදනා දෙක කණ්ටකයැ’යි වදාරන ලදි. ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...