1. ස. පු: දැහැන් සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම භවයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටි: (අරූපභවය පියනු පිණිස පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමාපත්තිකාලයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටි: (ප්‍රථමමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රථමධ්‍යානිකසමාපත්තිකාලය තබා තදන්‍ය සමාපත්තිකාල සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමවත් සමවන්නවුනට මැ වාග්භේද ඇද්ද?
ප. පටි: (ලොවීසමවත් සමවන්නවුන් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමවත්හි වාග්භේද ඇද්ද?
ප. පටි: (ලෝකෝත්තර ද්විතීයධ්‍යානාදිය හා හැම ලොවී සමවත් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට කායභෙද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සමවන්නවුනට කායභෙද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: සමවන්නවුනට වාචා ඇත. වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට කාය ඇත. කායභෙද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සමවන්නහුට කාය ඇත. කායභෙද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට වාචා ඇත. වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: (ඉදින් හේ දුඃඛ යැ’යි බෙණේ නම් ‘සමුදය’ ආදියද බණන්නේ යැ. එ ද නො බෙණේ නම්, අනෙකක් ද නො බණන්නේ යැ’යි චෝදනා කරන පිණිස) ‘දුකැ’ යි දන්නේ දුක යන බස බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘සමුදයැ’යි දන්මින් ‘සමුදයැ’ යි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ස. පු: ‘දුකැ’ යි දන්මින් ‘දුකැ’ යි බස් බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිරෝධ යැ’ යි දන්මින් ‘නිරෝධ යැ’ යි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: ‘දුඃඛ යැ’ යි දන්මින් ‘දුඃඛ’ යයි බස් බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: ‘සමුදය ’ යි දන්මින් ‘සමුදය’යි බස් නො බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: ‘නිරෝධ’ යයි දන්මින් ‘නිරෝධ’ යයි බස් නො බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් නො බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඥානය කුමක් ගෝචර කොට ඇද්ද?
ප. වි: ඥානය සත්‍යගෝචර වෙයි.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය සත්‍යගෝචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
16. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රය කුමක් ගෝචර කොට ඇද්ද?
ප. වි: ශ්‍රෝත්‍රය ශබ්දගෝචර වෙයි.
ස. අනු: ඥානය ශබ්දගෝචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
17. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඥානය සත්‍යගෝචර වේ නම්, ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
18. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ දෙදෙනකුන්ගේ, වේදනා දෙදෙනකුන්ගේ, සංඥා දෙදෙනකුන්ගේ, චේතනා දෙදෙනකුන්ගේ, චිත්ත දෙදෙනකුන්ගේ සමෝධානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
19. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවිකසිණ සමාපත්ති සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
20. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආපෝකසිණයට ... තෙජොකසිණයට ... වායෝකසිණයට ... නීලකසිණයට ... පීතකසිණයට ... ලෝහිතකසිණයට ... ඔදාතකසිණයට ... ආකාසානඤ්චායතනයට ... විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට ... නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
21. ස. පු: පඨවිකසිනසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඨවිකසිණසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැත් නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
22. ස. පු: ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැත් නම්,
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
24. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...