Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 4301-4400 න් 15036

අනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත වේ නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වනාහි වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වේ නම් ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වේ නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. වි: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇත. පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැත.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ, මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
14. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ. මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම (නුවණින්) දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, ‘රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
22. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, ‘මේ දුඃඛ යැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. ‘මේ දුඃඛසමුදයැ’යි ... ‘මේ දුඃඛනිරෝධ යැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො “මහණෙනි, සියල්ල අභිඥා නො කරනුයේ පරිඥා නො කරනුයේ විරාග වශයෙන් දුරු නො කරනුයේ නො හැරපියනුයේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙසියල්ල අභිඥා කරනුයේ පරිඥා කරනුයේ විරාග වශයෙන් දුරු කරනුයේ හැරපියනුයේ දුඃඛක්‍ෂයට භව්‍ය වේ ය”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
24. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු
“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට දර්‍ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙන කරන්නට අභව්‍ය වෙයි”
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
25. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු “මහණෙනි යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසිවක් සමුදයස්වභාවය ඇද්ද, එ හැම නිරෝධස්වභාවය ඇති’යි වීතරජස්ක වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වේ ද, මහණෙනි, ඒ දර්‍ශනෝත්පත්තිය පහළ වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට තුන් වැදෑරුම් සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙති: සත්කායදෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ශීලව්‍රතපරාමර්‍ශ යැ”යි මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
26. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“ධෝතකය, ලෝකයෙහි කෙසේ කෙසේදැ’යි සැක සහගිය යම් මැ පුද්ගලයකු මුදන්නට මම අසමර්‍ත්‍ථයෙමි. උතුම් දහම නුවණින් දන්මින් තෝ මෙසේ මේ ඕඝය තරණය කරව”යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
27. ප. පු: ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියන්නාහු නො වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියත් නම්, අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියත් නම්, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියත් නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි කියැයුතු මැ යැ.
28. ස. පු: “රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියති. අන්‍යයෝ මාර්‍ගාමාර්‍ග කියති. අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියති” යනු ප්‍රමාණ කොට රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට අන්‍යයෝ සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ කියත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
පරවිතරණකථා නිමි.
වචීභේදකථා
[ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දී පළමු දැහැන් සමවන් අරීපුඟුල් ‘දුකැයි කියා වාග්භේද කෙරෙති’යි පූර්‍වශෛලීය නිකායාදීන් සෙයින් ලබ්ධිගත් වාදී කෙනෙකුන්ගේ විරුද්ධවාද බිඳුනට වචීභේදකථා එයි.]