ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද? දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද, ශික්‍ෂායෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තයෙහි අඥාන ඇද්ද, අපරාන්තයෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද? දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද, ශික්‍ෂායෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තයෙහි අඥාන නැද්ද, අපරාන්තයෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන නැද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැත් නම්, දහමෙහි අඥාන නැත් නම්, සඟුන් කෙරෙහි අඥාන නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: පුහුදුනට අඥාන ඇත. උහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුනට අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද? උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් මෙන් අවස්තුක කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ මතුයෙහි නූපදනාසැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇතියේ නම් මුදුන්සුන් තලක් සෙයින් අවස්තුකෘත නම් අනුඅභාවය කරනලද නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,
අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
13. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් ඇතියේ තාලාවස්තුකෘත අනභාවකෘත මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇති වී නම් තාලාවස්තුකෘත වී නම් අනුඅභාවය කරනලද වී නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,
අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
14. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,
අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
15. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,
අනු. ඨ: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
16. ස. පු: රහත්හට අඤ්ඤාණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් වීතරාග ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වී නම්,
අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
17. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. වි: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇත, පරධර්‍මකුශල රහත්හට අඥාන නැති.
ස. පු: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: ස්වධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
22. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යි. ඔහට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වෙයි. ඔහට අඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
23. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
24. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
25. ස. පු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
26. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
27. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම නුවණින් දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: රූප මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්ගම මෙසේ යැ, වේදනා මෙසේ යැ ... සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තඞ්ගම මෙසේ ය යි, මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
28. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, දුක මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛසමුදය මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධ මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි.
මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
29. ස. පු: රහත්ට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම නුවණින් නො දන්නේ වෙසෙසින් නො දන්නේ විරාග විසින් නො පියන්නේ නුවණින් නො දුරු කරන්නේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය වෙයි. මහණෙනි, මේ හැම නුවණින් දන්නේ වෙසෙසින් දන්නේ විරාග විසින් පියන්නේ දුරුකරන්නේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?