ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
අපු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇත’ යනු නො කියැයුතු මැ යැ.
27. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වනාහි වීතරාග වූයේ වීතද්වේෂ වූයේ වීතමෝහ වූයේ කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි රහත්ඵල ඇතියේ පරික්‍ෂීණභවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදී සිටියේ පෙරළු කෙලෙස් කනයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් නමැති ඉන්‍ද්‍රකීල ඇතියේ අපගත ක්ලේශාර්‍ගල ඇතියේ ආර්‍ය්‍ය වූයේ හෙළු මානධ්වජ ඇතියේ ගිලිහුණු කෙලෙස්බර ඇතියේ විසංයුක්ත වූයේ මොනවට දුනු කෙලෙස්විජය ඇතියේ නො වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත නො වේ ද? සමුදය ප්‍රහීණ නො වේ ද? නිරෝධය සාක්‍ෂාත්කෘත නො වේ ද? මාර්‍ගය භාවිත නො වේ ද? අභිඥෙයධර්‍ම අභිඥාත නො වේ ද? පරිඥෙයධර්‍ම පරිඥාත නො වේ ද? ප්‍රහාතව්‍ය ධර්‍ම ප්‍රහීණ නො වේ ද? භාවිතව්‍යධර්‍ම භාවිත නො නො වේ ද? සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ කෘතකරණීය වේ නම් ... (ඔහු විසින්) සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වේ නම්,
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ.
28. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. වි: ස්වධර්‍මකුශල (ප්‍රඥාවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. පරධර්‍මකුශල (උභතොභාගවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැත.
ස. පු: ස්වධර්‍මකුශල (තමා සතු රහත්දහම් මතුයෙහි දක්‍ෂ) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල (සිය දහමින් අන්‍ය වූ අෂ්ටසමාපත්ති ධර්‍මයෙහි දක්‍ෂ) රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
29. ස. පු: පරධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
30. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
31. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂ ප්‍රහීණ වෙයි ... මෝහ ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
32. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
33. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
34. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
35. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ වෙයි ... මෝහය ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
36. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහයාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
37. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
38. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් මැ මහණ කෙනෙක් පුහුදුන් වූවාහු සිල් සපන් වූවාහු සිහි ඇතියාහු සම්ප්‍රඥාන ඇත්තාහු නිද්‍රාවට බැසගනිත් ද, උනට අසුචි නො මිදේ. මහණෙනි, කාමයෙහි වීතරාග වූ කාමවිෂයෙහි පැහු රාග ඇති යම් ඒ බාහිර ඍෂීහු වෙත් ද, උනට ද අසුචි නො මිදේ. මහණෙනි, ‘රහත්හට අසුචි මිදේ’ යන යම් කරුණෙක් ඇද්ද, තෙල කරුණ අස්ථාන යැ. වන්නට අවකාශ නැතැ”යි වදාළ සූත්‍රාන්ත ඇත්තේ මැ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති, යනු නො කියැයුතු යැ.
39. ප. පු: ‘රහත්හට පරෝපහාර ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අන්හු එළවාලන්නාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර අන්හු එළවාලන්නාහු නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට පරෝපහාර ඇති’යි කියැයුතු මැ යැ.
40. ස. පු: ‘රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අනුන් එළවතී’යි රහත්හට පරෝපහාර ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘රහත්හට සෝවත්ඵල වේවයි සෙදගැමිඵල වේවයි අනගැමිඵල වේවයි රහත්බව වේවයි පරහු එළවාලත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
පරොපහාරකථා නිමි.
2. 2.
අඤ්ඤාණකථා
[ස්ත්‍රීපුරුෂාදීන්ගේ නාමගෝත්‍රාදියෙහි ඥානප්‍රවෘත්ති නැතියෙන් ‘රහත්නට අඥාන ඇති’යි ගත් පූර්‍වශෛලීයාදී නිකායාන්තරවාසීන්ගේ ලබ්ධි බිඳුනට අඤ්ඤාණකථා එයි.]
1. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග, අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැත් නම්,
අනු: පා: භවත, ‘රහත්හට අඥාන ඇති’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: පුහුදුන්හට අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්හට අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නසන්නේ වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මුසවා බණන්නේ වේ ද, පෙහෙසුන් බණන්නේ වේ ද, පරොස්බස් බණන්නේ වේ ද, පලප් බණන්නේ වේ ද, ගෘහසන්‍ධි සිඳුනේ වේ ද, ගම් වොලොගන්නේ වේ ද, ඒකාගාරික කම් කරන්නේ වේ ද, කඩපලාසොරකම්හි සිටුනේ වේ ද, පරදාරයට යේ ද, ගාමඝාත කෙරේ ද, නිගමඝාත කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් කෙරේ ද, මුසවා බෙණේ ද ... ගාමඝාත කම් කෙරේ ද, නිගමඝාත කම් කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් ගනී ද, ගම් පැහැරීම් කෙරේ ද, නියම්ගම් පැහැරීම් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගම් පැහැරීම් නො කරන්නේ වේ ද, නියම්ගම් පැහැරීම් නො කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගාමඝාතකර්‍ම නො කරන්නේ වේ ද, නිගමඝාතකර්‍ම නො කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.