පටි. පා: භවත, තොප විසින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත්, විඤ්ඤාණය අනෙකෙකැ, සංස්කාරයෝ අන්‍යයහ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ය යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝ ද දන්නා ලැබෙති යි කියැයුතු ය යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, සංස්කාරයෝ අන්‍යයහ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඤ්ඤාණය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
135. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතන දන්නා ලැබේ ද, සෝතායතනයත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනයත් දන්නා ලැබේ ද ...
සෝතායතනය දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනය දන්නා ලැබේ ද, චක්ඛායතනය ද දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනායතනයත් දන්නා ලැබේ ද ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතු දන්නා ලැබේ ද ... සෝතධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද ... සෝතධාතුත් දන්නා ලැබේ ද ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද, චක්ඛුධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඥානධාතුත් දන්නා ලැබේ ද ...
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද, සොතින්‍ද්‍රියයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... සෝතින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද? පුද්ගල අනෙකෙක් වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් ලැබේ නම්, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු මැ යැ ...
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යන යමක් එහි ලා කියෙහි නම් ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ’ යනු තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යනු නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යනු කියැයුතු යැයි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
136. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද, රූපය අනෙකෙක් වේ ද, වේදනාව අනෙකෙක් වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගල ඇත. සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය ද දන්නා ලැබේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රූපය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
පටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක් වේ නම්, වේදනා අනෙකක් වේ නම්, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය ද ඇතියි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වේ නම්,
පටි. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබෙයි, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබෙයි, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැයි භගවත්හු විසින් වදාරන ලදී යනු කියයුතු වේ නම්, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු ය යනු තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ, රූපය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැයි භගවත්හු විසින් වදාරන ලදී” යනු නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනා ද දන්නා ලැබේ, රූපය අනෙකෙකැ, වේදනා අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබෙයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද, යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
137. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද? සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනා දන්නා ලැබේ ද? සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥා දන්නා ලැබේ ද? ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද ... රූපත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? ... විඥානත් දන්නා ලැබේ ද ... රූපත් දන්නා ලැබේ ද ... වේදනාත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥාන දන්නා ලැබේ ද? ... රූපත් දන්නා ලැබේ ද ... වේදනාත් දන්නා ලැබේ ද ... සංඥාත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතන දන්නා ලැබේ ද? ... සෝතායතනත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතායතන දන්නා ලැබේ ද? ... ධම්මායතන දන්නා ලැබේ ද ... චක්ඛායතනත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනායතනත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතු දන්නා ලැබේ ද? ... සෝතධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතධාතු දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතු දන්නා ලැබේ ද ... චක්ඛුධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඥානධාතුත් දන්නා ලැබේ ද? ...
ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද? ... සෝතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ” යනු භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ නම්, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ” ය යි භගවත්හු විසින් වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: භවත, එහෙයින් “අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ”යි කියැයුතු මැ යැ.
අනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ” යැයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භගවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වෙ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, “ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යැ යි භගවත්හු විසින් වදාරන ලදැ” යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත්, දන්නා ලැබේ යයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ”යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. –පෙ–
ඕපම්මසංසන්‍දනා යි.
138. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය පුද්ගල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, රූපය පුද්ගල යැ යි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් රූපය පුද්ගල යැ යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, රූපය පුද්ගල යැ යි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
139. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... රූපය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (තොප විසින්) පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි රූපය ඇතැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් පුද්ගලයා කෙරෙහි රූපය ඇතැ යි නො කියැයුතු නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, පුද්ගලයා කෙරෙහි රූපය ඇතැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
140. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනා පුද්ගල යැයි කියැයුතු ද ... වේදනායෙහි පුද්ගල කියැයුතු ද ... වේදනාව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි වේදනා කියැයුතු ද? ...
සංඥා පුද්ගල යැයි කියැයුතු ද ... සංඥායෙහි පුද්ගල කියැයුතු ද ... සංඥාව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි සංඥාව කියැයුතු ද...
සංස්කාරයෝ පුද්ගල යැයි කියැයුතු ද ... සංස්කාරයන්හි පුද්ගල කියැයුතු ද ... සංස්කාරයන් හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි සංස්කාරයෝ කියැයුත්තාහු ද ...
විඤ්ඤාණය පුද්ගල යැයි කියැයුතු ද ... විඤ්ඤාණයෙහි පුද්ගල කියැයුතු ද ... විඤ්ඤාණය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය කියැයුතු ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් “පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ”යි කියැයුතු මැ යැ.
අනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු යැ යි” ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු යැ යි” ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි...
141. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනය පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛායතනයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛායතනය හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛායතනය යැ යි කියැයුතු ද ... ධම්මායතනය පුද්ගල යැ යි කියැයුතු ද ... ධම්මායතනයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... ධම්මායතනය හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි ධම්මායතනය යැ යි කියැයුතු ද ...
චක්ඛුධාතු පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛුධාතුයෙහි පුද්ගල කියැයුතු ද ... චක්ඛුධාතුව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛුධාතු කියැයුතු ද ... මනෝවිඥානධාතු පුද්ගල යැ යි කියැයුතු ද ... මනෝවිඥානධාතුයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... මනෝවිඥානධාතුව හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි මනෝවිඥානධාතු කියැයුතු ද? ...
චක්ඛුන්‍ද්‍රිය පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛුන්‍ද්‍රියෙහි පුද්ගල කියැයුතු ද ... චක්ඛුන්‍ද්‍රිය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛුන්‍ද්‍රිය කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය පුද්ගල යැ යි කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රියෙහි පුද්ගල කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය කියැයුතු ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,