Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 3601-3700 න් 15036

4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය … රූපායතනය ... ශබ්දායතනය ... ගන්‍ධායතනය ... රසායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සතිපට්ඨාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? එ (ස්මෘති) ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතායතන ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... ඵොට්ඨබ්බායතන ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: චක්‍ඛායතන සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සෝතායතනය ... කායායතනය ... රූපායතනය ... ඵොට්ඨබ්බායතනය ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ප. පු: ‘හැම දහම්හු සතිපට්ඨානහ’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම දහමුන් අරභයා ස්මෘතිය පිහිටා සිටුනී නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ
අනු. ඨ: ඉදින් හැම දහම් අරභයා ස්මෘතිය එළඹසිටුනී නම්,
අනු. පා: එයින් භවත, ‘හැම දහම්හු සතිපට්ඨානයහ’යි කියැයුතු මැ යැ.
10. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘හැම දහම් අරභයා පහස පැහැස සිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු ඵස්සපට්ඨාන වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘හැම දහම් අරභයා වේදනා වැදසිටුනී යැ ... සංඥා වැදසිටුනී යැ ... චේතනා වැදසිටුනී යැ ... චිත්තය වැදසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු චිත්තපට්ඨාන වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සත්ත්‍වයෝ එළඹසිටි සති ඇත්තාහු සතියෙන් සමන්‍වාගත වූවාහු සතියෙන් සමාහිත වූවාහු යැ. හැම සත්නට සතිය එළඹසිටියා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ නො කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ නො කෙරෙති. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සත්ත්‍වයෝ කායගතාසතිය වළඳ කෙරෙත් ද, ලබත් ද, ආසෙවනා කෙරෙත් ද, භාවනා කෙරෙත් ද, බිහිලි කෙරෙත් ද?
ප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාරනලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණයට දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තඞ්ගමයට න්‍යායධර්‍මයාගේ අධිගමයට නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කරණයට මේ ඒකායනමාර්‍ග යි, ඒ කිමෙක: සතරසීවටනී” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: හැම දහම්හු ඒකායනමාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සක්විති රජක්හු පහළ වීමෙන් රත්නයන් සත්‍ දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: චක්‍රරත්න පහළ වෙයි, හස්තිරත්න පහළ වෙයි, අශ්වරත්න ... මණිරත්න ... ස්ත්‍රීරත්න ... ගෘහපතිරත්න ... පරිනායකරත්න පහළ වෙයි. මහණෙනි, සක්විති රජක්හුගේ පහළ වීමෙන් මේ සත්රුවන් පහළ වෙයි.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් බෝධ්‍යඞ්ගරත්නයන් සත් දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ධර්‍මවිචය සම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ප්‍රීතිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි, සමාධිසම්බොධ්‍යඞ්ගරත්න පහළ වෙයි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගරත්න පහළ වෙයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත් බොධ්‍යඞ්ගරත්නයන්ගේ පහළවීම වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැම දහම්හු ස්මෘතිසම්බොධ්‍යඞ්ගරත්නයෝ මැ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම දහම්හු සම්‍යක්ප්‍රධාන – ඍද්ධිපාද – ඉන්‍ද්‍රිය – බල – බෝධ්‍යඞ්ගයෝ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
සතිපට්ඨානකථා නිමි.
හේවත්‍ථිකථා
[අතීතාදි භෙදභින්‍න වූ හැම දහම්හු රූපාදි වශයෙන් ඇත. අනාගත ප්‍රත්‍යුත්‍පන්‍න වශයෙන් අතීතයත්, අතීතාදි වශයෙන් අනාගත ප්‍රත්‍යුත්‍පන්‍නයෝත් නැත. එකරුණින් මෙ හැම ‘මෙසේ’ ඇත. මෙසේ නැතැ’යි විවාද කරන අන්‍ධකයන්ගේ විවාද බිඳුනට හේවත්‍ථි කථා එයි.]
1. ස. පු: අතීතය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: (ඉදින් අතීතය මැ ‘මෙසේ ඇත, මෙසේ නැතැ’යි ලබ්‍ධි ඇත් නම් එසේ වත් මැ) එය මැ ඇද්ද? එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථිය වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) එකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අනාගතය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිස්‍වභාවය නාස්‍තිස්‍වභාව වේ ද? නාස්‍තිස්‍වභාවය අස්‍තිස්‍වභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: එය මැ ඇද්ද? එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අතීතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ප. වි: අතීතය අතීත කොට ගෙන මෙසෙයින් ඇත. අතීතය අනාගත කොට ගෙන මෙසෙයින් නැත. අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොට ගෙන මෙසෙයින් නැත.
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද, අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද, නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද, අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද, නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද, (එයින් මැ) ඒකාත්‍ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අනාගතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?