Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3501-3600 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
11. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඒකදේශ වශයෙන් නිරුද්ධයහ, එහි කිසි කෙනෙක් ඇද්ද? කිසි කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ප. පු: ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙන්නාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙත් ද?
අනු. පා: එයින් භවත, ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ ...
16. ස. පු: ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙති’යි කොට ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍නධර්‍මයෝ නිරුද්ධ වෙති’යි කොට ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: අනාගතය ඇද්ද?
ප. වි: කිසිවෙක් ඇත. කිසිවෙක් නැත.
ස. අනු: කිසිවෙක් ජාත යැ කිසිවෙක් අජාත යැ? කිසිවෙක් සඤ්ජාත යැ කිසිවෙක් අසඤ්ජාත යැ? කිසිවෙක් හටගැනිණ කිසිවෙක් නො හටගැනිණ? කිසිවෙක් පහළ වී කිසිවෙක් නො පහළ වී?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතයෙහි උපදනාසුලු ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතයෙහි නූපදනා සැහැවි ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිමෙක් ඇද්ද? කිමෙක් නැද්ද?
ප. වි: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇත. අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු නැත.
ස. අනු: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයහ. ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
22. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ නූපන්නාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාත වෙත් නම්,
අනු. පා: භවත, ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
24. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
25. ප. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ.
26. ස. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහ’යි කොට ගෙන ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍න වූ ධර්‍මයෝ මතු නිරුද්ධ වෙති’යි කොටගෙන ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ඒකච්චං අත්‍ථීතිකථා නිමි.
සතිපට්ඨානකථා
[ස්මෘතිගෝචරය ද ‘සතිපට්ඨාන’ නම් වෙයි. ස්මෘතීහුදු සතිපට්ඨාන නම් වෙති. එසේ වතුදු අන්‍ධකාදි නිකායන්‍තරවාසී කිසි කෙනෙක් හැම දහම්හු ‘සතිපට්ඨානයහ’ යි නිශ්‍චය කොට කියත්. උන්ගේ වාද බිඳුනට සතිපට්ඨාන කථා එයි.]
1. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍ව ධර්‍මයෝ – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබලා, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වෙත් ද? ක්‍ෂයගාමී වෙත් ද, බෝධගාමී වෙත් ද, අපචයගාමී වෙත් ද, අනාස්‍රව වෙත් ද, සංයෝජනයනට හිතකර නො වෙත් ද, සංසාර ඝටන නො කළ යුත්තෝ වෙත් ද, සසරවටහි අවගාහ නො කළ යුත්තෝ වෙත් ද, සසරෙහි යුඤ්‍ජන නො කළ යුත්තෝ වෙත් ද, නීවරණයට හිතයෝ නො වෙත් ද, පරාමාස රහිත වෙත් ද, උපාදාන රහිත වෙත් ද, සංක්ලේශ රහිත වෙත් ද? හැම දහම්හු – බුද්ධානුස්මෘති, ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබල, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වේ ද? ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, සංයෝජනයනට හිත නො වේ ද? සංසාරඝටනා නො කළ යුතු වේ ද, සසරවටහි අවගාහ නො කළයුතු වේ ද, සසරෙහි යුඤ්‍ජන නො කළයුතු වේ ද, නීවරණයට හිත නො වේ ද, පරාමාස රහිත වේ ද, උපාදාන රහිත වේ ද, සංක්ලේශ රහිත වේ ද? චක්‍ඛායතනය බුද්ධානුස්මෘති වේ ද? ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...