Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 3401-3500 න් 15036

14. ප. පු: අනාගත විඥානය ස්කන්‍ධ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගත විඥානය ආයතන යැ … අනාගත විඥානය ධාතු යැ … අනාගත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්න විඥානය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත විඥානය ස්කන්‍ධ යැ, අතීත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, අනාගත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ප. පු: අතීතවිඥානය ස්කන්‍ධ යැ, අතීතවිඥානය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතවිඥානය ආයතන යැ … අතීතවිඥානය ධාතු යැ … අතීතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීතවිඥානය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
18. ප. පු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: අනාගතවිඥානය ආයතන යැ … අනාගතවිඥානය ධාතු යැ … අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අනාගත විඥානය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
19. ස. පු: “අතීතානාගතයෝ ස්කන්‍ධධාතු ආයතන වෙති’ යි ද, තුලුහු නැතැ” යි ද නො කියැයුතු වේ ද ?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, නුවණැති (මහණ බමුණන්) විසින් බැහැර නො කළ … මේ තුන් නිරුක්තිපථ කෙනෙක් අධිවචනපථ කෙනෙක් ප්‍රඥප්තිපථ කෙනෙක් ඇතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එයින් “අතීතානාගතයෝ ස්කන්‍ධ ධාතු ආයතන වෙති’යි ද, තුලුහු නැතැ” යි ද කියැයුතු යැ.
20. ප. පු: අතීතානාගත ස්කන්‍ධ ධාතු ආයතන යන තුලුහු නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගතප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇද්ද, දුරැ වේවයි ළඟ වේවයි යම් රූපයෙක් වේ ද, මේ රූපස්කන්‍ධ කියනු ලැබේ. යම්කිසි වේදනායෙක් … යම්කිසි සංඥායෙක් … යම්කිසි සංස්කාර කෙනෙක් … අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ … යම්කිසි විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්‍ධ කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: ‘එකරුණින් අතීතානාගත ස්කන්‍ධ – ධාතු – ආයතන යන තුලුහු නැති’ යි නො කියැයුතු මැ යැ.
අතීතඛන්‍ධාදිකථා නිමි.
ඒකච්චං අත්‍ථීතිකථා
[කාශ්‍යපීයනිකායවාසීහු ‘කිසි අතීතයෙක් ඇති’යි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි බිඳුනට ‘ඒකච්චං අත්‍ථී’ති කථා එයි.]
1. ස. පු: අතීතය ඇද්ද?
ප. වි: කිසි අතීතයෙක් ඇත, කිසි අතීතයෙක් නැත.
ස. අනු: කිසි අතීතයෙක් නිරුද්ධ ද? කිසි අතීතයෙක් අනිරුද්ධ ද? කිසි අතීතයෙක් විගත ද? කිසි අතීතයෙක් අවිගත ද? කිසි අතීතයෙක් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් අනස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි අවිපක්‍ව (නො පැසුණු) විපාක ධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි (අවිපක්‍වවිපාක) ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි විපක්‍ව (පැසුණු) විපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි අවිපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුමක් ඇද්ද? කුමක් නැද්ද?
ප. වි: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ඇත. අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු නැත.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: අතීත වූ අවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාක ධර්‍මයෝ නිරුද්ධ වූවාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ
අනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකර්‍ධමයෝ නිරුද්ධ වූවාහු නම්,
අනු. පා: එකරුණින් භවත, ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇතැ’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...