ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන යැ. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ප. පු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: අතීතය ආයතන යැ, අතීතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: අතීතය ධාතු යැ, අතීතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ප. පු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතය ආයතන යැ, අනාගතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතය ධාතු යැ, අනාගතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
7. ප. පු: අතීත රූපය ස්කන්‍ධ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත රූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතරූපය ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: අතීතරූපය ධාතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතරූපය ආයතන … අනාගතරූපය ධාතු … අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගත රූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතරූපය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ප. පු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතරූපය ආයතන යැ … අතීතරූපය ධාතු යැ … අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතරූපය ආයතන යැ … අනාගතරූපය ධාතු යැ … අනාගතරූපය ස්කන්‍ධධාතු ආයතන වෙයි, අනාගතරූපය නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ප. පු: අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයෝ … අතීත විඥානය ස්කන්‍ධ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීත විඥානය ආයතන යැ … අතීත විඥානය ධාතු යැ … අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීත විඥානය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...