පටි. ආ: එහි ලා: “නිර්‍වාණය අස්ති යැ යි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නො වනුයේත් වන්නේ යැ, එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වෙයි, නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණ වේ යයි කියැයුතු යැ” යි ද යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
133. ප. පු: “අතීතය ඇත, අනාගතය ඇතැ” යි නො කියැයුතු ද?
ස. පටි: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ වේවයි ළඟ වේවයි යම් රූපයෙකුත් ඇද්ද, මේ ‘රූපස්කන්‍ධ’ යයි කියනු ලැබේ. … යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි, ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇද්ද, මේ ‘විඥානස්කන්‍ධ’ යයි කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එසේ වී නම් අතීතය ඇත, අනාගතය ඇති.
134. ස. පු: අතීතය ඇද්ද, අනාගතය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, සංකීර්‍ණ නො වූ, සංකීර්‍ණ නො වූ විරූ මේ නිරුක්තිපථයෝ අධිවචනපථයෝ ප්‍රඥප්තිපථයෝ තිදෙනෙක් නුවණැති මහණබමුණන් විසින් සැක නො කරනු ලැබෙත්, සැක නො කරනු ලබන්නාහ, බැහැර නො කරනු ලබන්නාහ. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් රූපයෙක් අතීත වී ද, නිරුද්ධ වී ද, විගත වී ද, විපරිණාම වී ද, ‘වූයේ’ යැ යනු එයට නමෙකි, ‘වූයේ’ යැ යනු එයට සංඥා ය, ‘වූයේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇතැ’ යි එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැයි එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් අතීත වී නම් නිරුද්ධ වී නම් විගත වී නම් විපරිණාම වී නම්, ‘වූයේ’ යැ යනු එයට නමෙකි, ‘වූයේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වූයේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇතැ’ යි එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැයි එයට නමෙක් නො වෙයි.
මහණෙනි, යම් රූපයෙක් නො උපනි ද, නො පහළ වී ද, ‘වන්නේ’ යැ යනු එයට නමෙකි, ‘වන්නේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වන්නේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇත’ යනු එයට නමෙක් නො වෙයි. ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් නො උපනි ද නො පහළ වී ද, ‘වන්නේ’ යැ යනු එයට නමෙකි, ‘වන්නේ’ යැ යනු එයට සංඥායෙකි, ‘වන්නේ’ යැ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘ඇත’ යනු එයට නමෙක් නො වෙයි, ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි.
මහණෙනි, යම් රූපයෙක් ඉපැද සිටුනේ ද, පහළ වැ සිටුනේ ද, ‘ඇත’ යනු එයට නමෙකි. ‘ඇත’ යනු එයට සංඥායෙකි. ‘ඇත’ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘වූයේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැ යනු එයට නමෙක් නො වෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … යම් විඥානයෙක් ඉපැද සිටුනේ ද, පහළ වැ සිටුනේ ද, ‘ඇත’ යනු එයට නමෙකි. ‘ඇත’ යනු එයට සංඥායෙකි. ‘ඇත’ යනු එයට ප්‍රඥප්තියෙකි. ‘වූයේ’ය යනු එයට නමෙක් නො වෙයි. ‘වන්නේ’ යැ යනු එයට නමෙක් නො වෙයි.
මහණෙනි, සංකීර්‍ණ නො වූ, සංකීර්‍ණ නො වූ විරූ මේ තුන් නිරුක්තිපථයෝ අධිවචනපථයෝ ප්‍රඥප්තිපථයෝ නුවණැති මහණබමුණන් විසින් සැක නො කරනු ලැබෙත්, සැක නො කරනු ලබන්නාහ, බැහැර නො කරනු ලබන්නාහ. මහණෙනි, උක්කල දනව්වැසි අහේතුකවාද ඇති අක්‍රියවාද ඇති නාස්තිකවාද ඇති ‘වස්සය’ යැ ‘භඤ්ඤ’ යැ යන යම් (ශාස්තෘ) කෙනෙක් වූහු නම් ඔහු දු මේ තුන් නිරුක්තිපථයන් අධිවචනපථයන් ප්‍රඥප්තිපථයන් නො ගැරහිය යුතු කොට නො පිළිකෙව් කටයුතු කොට සිතූහ. ඒ කවර හෙයින යත්: (තමනට) නින්‍දා-ඝට්ටන-උපවාද බියෙනැයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එසේ වී නම් ‘අතීතය ඇත, අනාගතය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
135. ස. පු: අතීතය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළාහු නො: “වහන්ස, සිඳහළ (තෘෂ්ණා මාන දෘෂ්ටි සඞ්ඛ්‍යාත) ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ (කුශලාකුශලකර්‍ම) වර්‍තයන් ඇති, මැඩගත් (සංසාර) වර්‍තයන් ඇති, සියලු (විපාකවර්‍ත සඞ්ඛ්‍යාත) දුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් චක්‍ෂුසෙකින් පනවන්නේ නම් එබඳු චක්‍ෂුසෙක් ඇද්ද? වහන්ස … යම් ශ්‍රෝත්‍රයෙකින් පනවන්නේ නම් එබඳු ශ්‍රෝත්‍රයෙක් ඇද්ද … යම් ඝ්‍රාණයෙකින් පනවන්නේ නම් එබඳු ඝ්‍රාණයෙක් ඇද්ද … යම් ජිහ්වායෙකින් පනවන්නේ නම් එබඳු ජිහ්වායෙක් ඇද්ද … යම කයෙකින් පනවන්නේ නම් එබඳු කයෙක් ඇද්ද … යම් මනසෙකින් පනවන්නේ නම් එබඳු මනසෙක් ඇද්ද?
ඵග්ගුණය, සිඳහළ ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ කර්‍මවර්‍තයන් ඇති, මැඩලූ සංසාරවර්‍තයන් ඇති, සියලු වර්‍තදුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් ඇසෙකින් පනවන්නේ නම් එවන් ඇසෙක් නැත. ඵග්ගුණය, … එවන් ශ්‍රෝත්‍රයෙක් නැත … එවන් ඝ්‍රාණයෙක් නැත … ඵග්ගුණය, එවන් ජිහ්වායෙක් නැත … එවන් කයෙක් නැත … ඵග්ගුණය, සිඳහළ ප්‍රපඤ්චයන් ඇති, සිඳලූ කර්‍මවර්‍තයන් ඇති, මැඩලූ සංසාරවර්‍තයන් ඇති, සියලු වර්‍තදුඃඛය ඉක්මැ වූ, පිරිනිවි අතීත බුදුවරයන් යම් මනෙසෙකින් පනවන්නේ නම් එවන් මනසෙක් නැතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එසේ වී නම් ‘අතීතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
136. ස. පු: අතීතය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල වදාළාහු නො: “පෙර ලෝභ වී, එ අකුසල් වී, එ ලෝභ දැන් නැති. මෙසේ මේ මැනැවි. පෙර ද්වේෂ වී … පෙර මෝහ වී. එ අකුසල් වී. එ මෝහය දැන් නැති. මෙසේ මේ මැනැවැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එහෙයින් ‘අතීතය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
137. ප. පු: ‘අනාගතය ඇතැ’ යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් විසින් වදාරන ලද නො: “මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද, නන්‍දිය ඇද්ද, තෘෂ්ණාව ඇද්ද, එහි විඥානය විරූඪ වැ (මුල්බැස) පිහිටියේ වෙයි. යම් තැනෙක විඥානය විරූඪ වැ පිහිටියේ වේ ද, එහි නාමරූපයාගේ බැසගැනීම ඇත. යම් තැනෙක නාමරූපයාගේ බැසගැනීම ඇද්ද, එහි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද, එහි ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති ඇත. යම් තැනෙක ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති ඇද්ද, එහි ආයතිජාතිජරාමරණ ඇත. යම් තැනෙක ආයති ජාතිජරාමරණ ඇද්ද, මහණෙනි එය ශෝක සහිත යැ දරථ සහිත යැ උපායාස සහිත යැ යි කියමි.
මහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි … මහණෙනි, ඉදින් මනෝ සඤ්චේතානාහාරයෙහි … මහණෙනි, ඉදින් විඥානාහාරයෙහි රාගය ඇද්ද, නන්‍දිය ඇද්ද, තෘෂ්ණාව ඇද්ද … මහණෙනි, එය ශෝක සහිත යැ දරථ සහිත යැ උපායාස සහිත යැ යි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එහෙයින් අනාගතය ඇත.
138. ස. පු: අනාගතය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බුදුන් විසින් වදාළේ මැ නො: “මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාග නැද්ද, නන්‍දි නැද්ද, තෘෂ්ණා නැද්ද, එහි විඥානය නොපිහිටියේ විරූඪ නො වූයේ වෙයි. යම් තැනෙක විඥානය නො පිහිටියේ විරූඪ නො වූයේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්ති නැත. යම් තැනෙක නාමරූප දෙදෙනාගේ අවක්‍රාන්ති නැද්ද, එහි සංස්කාරයන්ගේ වෘද්ධි නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධි නැද්ද, එහි ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති නැත. යම් තැනෙක ආයතිපුනර්‍භවාභිනිර්‍වෘති නැද්ද, එහි ආයති ජාතිජරාමරණ නැත. යම් තැනෙක ආයති ජාතිජරාමරණ නැද්ද, මහණෙනි, එය අශෝක යැ අජර යැ අනුපායාස යැ යි කියමි. මහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි … මහණෙනි, ඉදින් මනෝ සඤ්චේතානාහාරයෙහි … මහණෙනි, ඉදින් විඥානාහාරයෙහි රාගය නැද්ද, නන්‍දිය නැද්ද, තෘෂ්ණා නැද්ද, මහණෙනි, එය අශෝක යැ අජර යැ අනුපායාස යැ යි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එහෙයින් අනාගතය ඇතැයි නො කියැයුතු මැ යැ.
සබ්බමත්‍ථිකථා නිමි.
1. 7.
අතීතඛන්‍ධාදිකථා
[ස්කන්‍ධාදිභාවය නො හරනෙන් අතීතානාගතයත් ඇති සේ කැමැති වන පරවාදිහුගේ පෘච්ඡා වශයෙන් ‘අතීතං ඛන්‍ධාති’ ආදි කථා එයි]
1. ප. පු: අතීතය ස්කන්‍ධ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතය ආයතන ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතය ධාතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ඇත් ද?.
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
2. ප. පු: අනාගතය ස්කන්‍ධ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
ප. පු: අනාගතය ආයතන ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතය ධාතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ආයතන යැ, අතීතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ධාතු යැ, අතීතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ධාතු යැ, ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...