Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 3101-3200 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීත වූ කයෙහි විෂ වැදගනී ද? ශස්ත්‍ර වැදගනී ද? ගිනි වැදගනී ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීත වූ කය අන්‍දුබන්‍ධනයෙන් බඳින්නට, රජ්ජුබන්‍ධනයෙන් බඳින්නට, ශෘඞ්ඛලබන්‍ධනයෙන් බඳින්නට, ග්‍රාමබන්‍ධනයෙන් බඳින්නට, නිගමබන්‍ධනයෙන් බඳින්නට, නගරබන්‍ධනයෙන් බඳින්නට, ජනපද බන්‍ධනයෙන් බඳින්නට, කණ්ඨබන්‍ධනයෙන් බඳින්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
119. ස. පු: අතීත වූ ආපය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ආපයෙන් අප්කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: අතීත වූ තේජස් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ තේජසින් තෙදකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: අතීත වූ වායු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ වායුවෙන් වායුකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
120. ස. පු: අතීත වූ රූපස්කන්‍ධ ඇද්ද, අනාගත වූ රූපස්කන්‍ධ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ රූපස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපස්කන්‍ධයෝ තිදෙනෙක් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීත වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද, අනාගත වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්‍ධයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පසළොස් ස්කන්‍ධ කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
121. ස. පු: අතීත වූ චක්‍ෂුරායතනය ඇද්ද, අනාගත වූ චක්‍ෂුරායතනය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරායතනය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරායතනයෝ තිදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
122. ස. පු: අතීත වූ ද්වාදශායතනයෝ ඇද්ද, අනාගත වූ ද්වාදශායතනයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ ද්වාදශායතනයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයතනයෝ සතිස්දෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
123. ස. පු: අතීත වූ චක්ඛුධාතු ඇද්ද, අනාගත වූ චක්ඛුධාතු ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්ඛුධාතු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛුධාතුහු තිදෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
124. ස. පු: අතීත වූ අටළොස්ධාතුහු ඇද්ද, අනාගත වූ අටළොස්ධාතුහු ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ අටළොස්ධාතුහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සිව්පනස් ධාතු කෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
125. ස. පු: අතීත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද, අනාගත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
126. ස. පු: අතීත වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද, අනාගත වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ දෙවිසි ඉන්‍ද්‍රියයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සසැට ඉන්‍ද්‍රිය කෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
127. ස. පු: අතීත වූ සක්විති රජ ඇද්ද, අනාගත වූ සක්විති රජ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ සක්විති රජ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් සක්විති රජුන්ගේ හමුවීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
128. ස. පු: අතීත වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද, අනාගත වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද, ප්‍රත්‍යුත්පන්න වූ සම්‍යක්සම්බුද්ධයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් සම්‍යක්සම්බුද්ධයන්ගේ හමුවීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
129. ස. පු: අතීතය ඇත්තේ (අස්ති) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අස්ති’ අතීත වේ ද?
ප. වි: ‘අස්ති’ අතීත ද වන්නේ යැ, අනතීත ද වන්නේ යැ.
ස. නි: නිග්‍රහය දැනගනුව.
අනු. ඨ: ඉදින් අතීතය අස්ති වේ නම්, අස්ති අතීතත් වන්නේ නම්, අනතීතත් වන්නේ නම්,
අනු: පා: ඉදින් අතීතය අනතීත වෙයි, අනතීතය අතීත වෙයි.
අනු: ආ: එහි ලා: “අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ. එයින් අතීතය අනතීත ද, අනතීතය අතීත ද වේ යැ යි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
පටි. ඨ: තවද, ඉදින් අතීතය අනතීතත්, අනතීතය අතීතත් නො වේ නම්,
පටි. පා: භවත, ‘අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: එහි ලා: “අතීතය අස්ති යැ, අස්ති අතීතත් වන්නේ යැ, අනතීතත් වන්නේ යැ. එයින් අතීතය අනතීත වෙයි, අනතීතය අතීත වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
130. ස. පු: අනාගතය අස්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ති අනාගත වේ ද?
ප. වි: අස්ති අනාගතත වන්නේ යැ, අනාගත නො වන්නේත් වන්නේ ය.
ස. නි: නිග්‍රහය දනුව.
අනු. ඨ: ඉදින් අනාගතය අස්ති වේ නම්, අස්ති අනාගතත් වී නම්, අනාගත නො වන්නේත් වී නම්,
අනු: පා: එයින් අනාගතය න්‍වාගත වෙයි, න්‍වානාගතය අනාගත වෙයි.
අනු: ආ: එහි ලා: “අනාගතය අස්ති වෙයි, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ, එයින් අනාගතය න්‍වානාගත වෙයි, න්‍වානාගතය අනාගත වේයයි කියැයුතු යැ” යි. යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
පටි. ඨ: ඉදින් අනාගතය න්‍වානාගත ද, න්‍වානාගතය අනාගත ද නො වේ නම්,
පටි. පා: භවත, “අනාගතය අස්ති යැ, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ” යි නො ද කියැයුතු මැ යැ.
පටි. ආ: එහි ලා: “අනාගතය අස්ති යැ, අස්ති අනාගතත් වන්නේ යැ, න්‍වානාගතත් වන්නේ යැ, එයින් අනාගතය න්‍වානාගත වෙයි, න්‍වානාගතය අනාගත වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
131. ස. පු: ප්‍රත්‍යුත්පන්නය අස්ති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ති ප්‍රත්‍යුත්පන්න වේ ද?
ප. වි: අස්ති ප්‍රත්‍යුත්පන්න වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වනුයේත් වන්නේ යැ.
ස. නි: නිග්‍රහය දනුව.
අනු. ඨ: ඉදින් ප්‍රත්‍යුත්පන්නය අස්ති වී නම්, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වී නම්, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වී නම්,
අනු: පා: එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වෙයි.
අනු: ආ: එහි ලා: “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැ, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ, එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වේ යයි කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
පටි. ඨ: ඉදින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වන්නේත්, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වන්නේත් නො වේ නම්,
පටි. පා: භවත, “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැයි ද, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැයි ද, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ” යි නො කියැයුතු මැ යැ.
පටි. ආ: එහි ලා: “ප්‍රත්‍යුත්පන්නය අස්ති යැයි ද, අස්ති ප්‍රත්‍යුත්පන්නත් වන්නේ යැ, ප්‍රත්‍යුත්පන්න නො වන්නේත් වන්නේ යැ, එයින් ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්න නො වෙයි, ප්‍රත්‍යුත්පන්න නො වන්නේ ප්‍රත්‍යුත්පන්න වේ යැයි ද කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
132. ස. පු: නිර්‍වාණය අස්ති වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: අස්ති නිර්‍වාණ වේ ද?
ප. වි: අස්ති නිර්‍වාණත් වන්නේ ය, නිර්‍වාණ නො වන්නේත් වන්නේ යැ.
ස. නි: නිග්‍රහය දැනගනුව.
අනු. ඨ: ඉදින් නිර්‍වාණය අස්ති වී නම්, අස්ති නිර්‍වාණත් වී නම්, නිර්‍වාණ නො වන්නේත් වී නම්,
අනු: පා: එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වන්නේත් නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණත් වෙයි.
අනු: ආ: එහි ලා: “නිර්‍වාණ අස්ති යැයි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නොවන්නේත් වන්නේ යැ, එයින් නිර්‍වාණය නිර්‍වාණ නො වෙයි, නිර්‍වාණ නො වන්නේ නිර්‍වාණ වේ යයි ද කියැයුතු යැ” යි යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
පටි. ඨ: ඉදින් නිර්‍වාණය නිර්‍වාණ නො වේ නම්, නිර්‍වාණ නො වනුයේත් නිර්‍වාණ නො වේ නම්,
පටි. පා: භවත, “නිර්‍වාණය අස්ති යැ යි ද, අස්ති නිර්‍වාණත් වන්නේ යැ, නිර්‍වාණ නො වනුයේත් වන්නේ යැ” යි ද නො කියැයුතු මැ යැ.