ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
94. ස. පු: සෙදගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
95. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත ඕළාරික කාමරාග ඇද්ද … අතීත ඕළාරික ව්‍යාපාද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
96. ස. පු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
97. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද ... අතීත ශීලව්‍රත පරාමර්‍ශ ඇද්ද ... අතීත වූ අපායගමනීය රාගය ඇද්ද ... අතීත වූ අපායගමනීය ද්වේෂය ඇද්ද ... අතීත වූ අපායගමනීය වූ මෝහය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
98. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත රාගය ඇද්ද? පුහුදුන් පුඟුල් ඒ රාගයෙන් සරාග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
99. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත ද්වේෂය ඇද්ද … අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
100. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
101. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
102. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
103. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද, … අතීත වූ ඕළාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
104. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
105. ස. පු: පුහුදුන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හට අතීත අපායගාමනීය මෝහය ඇද්ද, සෝවන්න්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
106. ස. පු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීතරාගය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ රාගයෙන් සරාග නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
107. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද, … අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
108. ස. පු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
109. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
110. ස. පු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
111. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
112. ස. පු: සෝවන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සොවන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
113. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, සොවන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නොවේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අපායගමනීය මෝහය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
114. ස. පු: අතීත වූ හස්තයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ හස්තයන් ඇති කල නඟාගැනුම් හා බහාතැබුම් හා පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
115. ස. පු: අතීත වූ පාදයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ පාදයන් ඇති කල ඉදිරියට යෑම් හා පෙරළා ඊම් හා පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
116. ස. පු: අතීත වූ පර්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත පර්‍වයන් ඇති කල හැකිළීම් දිගුකිරීම් පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
117. ස. පු: අතීත වූ කුක්‍ෂි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කුක්‍ෂිය ඇති කල බඩසා හා පවස පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
118. ස. පු: අතීත වූ කයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ, ඡේදනභේදනූපගත වූයේ, කවුඩු ගිජුලිහිණි කුරර පක්‍ෂීන් හා සාධාරණ වේ ද?