ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
70. ස. පු: අතීත වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත මනසින් අතීත ධර්‍මය නො දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය නො දක්නේත් වේ ද
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
71. ස. පු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත චක්‍ෂුසින් අනාගත රූපය නො දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය නො දක්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
72. ස. පු: අනාගත ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වාව ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගතමනසින් අනාගත ධර්‍මය නො දැනගන්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය නො දැනගන්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
73. ස. පු: අතීත ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් දුක දැනගනී ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
74. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණි කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥාන කරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
75. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛ පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
76. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණි කෙරේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
77. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතඥානය ඇද්ද? ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
78. ස. පු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
79. ස. පු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදය දුරු නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න ඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදය දුරු නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
80. ස. පු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද? ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
81. ස. පු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛපරිඥා නො කරන්නේත් සමුදයප්‍රහාණ නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය භාවනා නො කරන්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදයප්‍රහාණ නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
82. ස. පු: රහත්හට අතීතරාගය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ රාගයෙන් සරාග වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
83. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ ද්වේෂයෙන් සද්වේෂ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
84. ස. පු: රහත්හට අතීතමෝහය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ මෝහයෙන් සමෝහ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
85. ස. පු: රහත්හට අතීතමානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ මානයෙන් මානසහිත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
86. ස. පු: රහත්හට අතීත දෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ දෘෂ්ටියෙන් සදෘෂ්ටික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
87. ස. පු: රහත්හට අතීතවිචිකිත්සා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ විචිකිත්සායෙන් සවිචිකිත්ස වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
88. ස. පු: රහත්හට අතීත ථීනය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ ථීනයෙත් සථීන වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
89. ස. පු: රහත්හට අතීත උද්ධච්චය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ උද්ධච්වයෙන් සඋද්ධච්ව වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
90. ස. පු: රහත්හට අතීත අහ්‍රීකය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ අහ්‍රීකයෙන් අහ්‍රීක සහිත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
91. ස. පු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රපා සහිත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
92. ස. පු: අනගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
93. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද? … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත අනුසහගිය කාමරාග ඇද්ද … අතීත අනුසහගිය ව්‍යාපාද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?