පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
22-33. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතනත් දන්නා ලැබේ ද? ... සෝතායතනත් දන්නා ලැබේ ද? ... ඝානායතනත් දන්නා ලැබේ ද? ... ජිව්හායතනත් දන්නා ලැබේ ද? ... කායායතනත් දන්නා ලැබේ ද? ... රූපායතනත් දන්නා ලැබේ ද? ... සද්දායතනත් දන්නා ලැබේ ද? ... ගන්‍ධායතනත් දන්නා ලැබේ ද? ... රසායතනත් දන්නා ලැබේ ද? ... ඵොට්ඨබ්බායතනත් දන්නා ලැබේ ද? මනායතනත් දන්නා ලැබේ ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනත් දන්නා ලැබේ ද? ...
34-50. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතුවත් දන්නා ලැබේ ද? ... සෝතධාතුවත් දන්නා ලැබේ ද? ... ඝානධාතුවත් දන්නා ලැබේ ද? ... ජිව්හාධාතුවත් දන්නා ලැබේ ද? ... කායධාතුවත් දන්නා ලැබේ ද? ... රූපධාතුවත් දන්නා ලැබේ ද? ... සද්දධාතුවත් දන්නා ලැබේ ද? ... ගන්‍ධධාතුවත් දන්නා ලැබේ ද? ... රසධාතුවත් දන්නා ලැබේ ද? ... ඵොට්ඨබ්බධාතුවත් දන්නා ලැබේ ද? ...
ස. පු: චක්ඛුවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... සෝතවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... ඝානවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... ජිව්හාවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... කයවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... මනෝධාතුවත් දන්නා ලැබේ ද? ... ධම්මධාතුවත් දන්නා ලැබේ ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඤ්ඤාණ ධාතුවත් දන්නා ලැබේ ද?...
51. සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සෝතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ඝානින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... කායින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... මනින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ජීවිතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ඉත්‍ථින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... පුරිසින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සුඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, දුක්ඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සොමනස්සින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... දෝමනස්සින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... උපෙක්ඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සද්ධින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... විරියින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සමාධින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... පඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... අනඤ්ඤතඤ්ඤස්සාමීතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියයත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි (තොප විසින්) කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි ද (තොප විසින්) නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද, යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
74. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රූපය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
ප. ඨ: ඉදින් ආත්මහිතයට පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද නම්,
පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් එ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
පා: භවත, ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි නො කියැයුතු මැ යැ.
ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
75. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ යැ යි යනු ද ... සංඥාත් දන්නා ලැබේ යැ යනු ද ... සංස්කාරයොත් දන්නා ලැබෙති යනු ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: විඤ්ඤාණය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
අනු. ඨ: ඉදින් ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද නම්,
අනු: ප. භවත, එහෙයින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි (තොප විසින්) කියැයුතු මැ යැ.
අනු: ආ. ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යනු භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණත් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැයි නො කියැයුතු මැ යි.
පටි. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණත් දන්නා ලැබේ යැ යි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යයි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු ය යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
79-128. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතනයත් දන්නා ලැබෙයි ... සෝතායතනයත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනයත් දන්නා ලැබෙයි ... යනු භගවත්හු විසින් වදාරන ලද ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතුවත් දන්නා ලැබෙයි ... කායධාතුවත් දන්නා ලැබෙයි ... රූප ධාතුවත් දන්නා ලැබෙයි ... ඵොට්ඨබ්බධාතුවත් දන්නා ලැබෙයි ... චක්ඛුවිඤ්ඤාණ ධාතුවත් දන්නා ලැබෙයි ... මනෝධාතුවත් දන්නා ලැබෙයි ... ධම්මධාතුවත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබෙයි ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතින්‍ද්‍රියත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබෙයි යනු වදාරන ලද.
129. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
අනු. ඨ: ඉදින් භගවත්හු විසින් ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේය යනු වදාරන ලද නම්,
අනු. පා: භවත, එහෙයින් (තොප විසින්) අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
අනු. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, ආත්මහිතය පිණිස පිළිපන් අපුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දක්නා ලැබේ යැ යි ද නො කියැයුතු යැ.
පටි. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහිලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
සුද්ධික සංසන්‍දනය.
130. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද? රූපය අනෙකෙක් ද? වේදනාව අනෙකෙක් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක්, වේදනාව අනෙකක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ යයි ද, රූප අනෙකෙකැ, වේදනාව අනෙකෙකැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ය යි ද, රූපය අනෙකෙකැ, වේදනාව අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ය යි ද නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, වේදනාව අනෙකෙකැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
131-133. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද, සංඥාවත් දන්නා ලැබේ ද, ... සංස්කාරයොත් දන්නා ලැබෙත් ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, රූපය අනෙකෙක්, විඤ්ඤාණය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අනෙකෙක්, පුද්ගල අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය දනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක්, විඤ්ඤාණය අනෙකෙක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම් යැයි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැ යි ද නො කියැයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි ද කියැයුතු යැ යි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
134. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාව දන්නා ලැබේ ද, ... සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාව දන්නා ලැබේ ද, ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද, ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... රූපයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද? ...
සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... රූපයත් දන්නා ලැබේ ද, ... වේදනාවත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාවත් දන්නා ලැබේ ද? ...
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ද රූපයත් දන්නා ලැබේ ද, ... වේදනාවත් දන්නා ලැබේ ද, ... සංඥාවත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? විඤ්ඤාණය අනෙකෙක්, සංස්කාරයෝ අන්‍යයෝ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විඤ්ඤාණය අනෙකෙක්, පුද්ගල අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් නම්, විඤ්ඤාණය අනෙකෙක්, සංස්කාරයෝ අන්‍යයෝ වෙත් නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත එහෙයින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබෙ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ය යි ද, විඤ්ඤාණය අන්‍ය යැ, සංස්කාරයෝ අන්‍යහ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ය යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි යන යමක් එහිලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් විඤ්ඤාණය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,