අනු. පා: භවත, ‘රූපය රූපභාවය නො හැරපියති’ යි නො කියැයුතු යැ.
31. ස. පු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය රූපභාවය නො හැර පියා ද රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
32. ස. පු: රූපය රූපභාවය නො හැරපියා ද? රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
33. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
34. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
35. ස. පු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
36. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
37. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වී නම්,
අනු. පා: භවත, ‘ අතීතය ඇත, අතීතය අතීතභාවය නො හැරපියතී’ යි නො කියැයුතු යැ.
38. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
39. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
40. ස. පු: අතීත රූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය අනාගත භාවය නො හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
41. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
42. ස. පු: අනාගතරූප ඇත් ද? අනාගතරූපය අනාගතභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
43. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
44. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතරූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතරූපය අනිත්‍ය … විපරිණාමස්වභාව වේ නම්,
අනු. පා: භවත, ‘අතීතරූපය ඇති, අතීතරූපය අතීතභාවය නො පියති’ යි නො කියැයුතු යැ.
45. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය නිත්‍ය, ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද? අතීත රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
46. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය, අතීතභාවය නො පියා ද? අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව, අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
47. ස. පු: අතීත වේදනා ඇත් ද … අතීත සංඥා ඇත් ද … අතීත සංස්කාරයෝ ඇත් ද, … අතීත විඥානය ඇත් ද, අතීත විඥානය අතීතභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත විඥානය ඇත් ද? අනාගතවිඥානය අනාගතභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
48. ස. පු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්න විඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
49. ස. පු: අනාගතවිඥානය ඇත් ද, අනාගතවිඥානය අනාගතභවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
50. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
51. ස. පු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව, ඇත්තේ වේ නම්,
අනු. පා: භවත, “අතීතවිඥානය ඇත, අතීතවිඥානය අතීතභාවය නො පියතී” නො කියැයුතු මැ යැ.
52. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද, නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද, අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?