Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 2501-2600 න් 15036

ස. අනු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
13. ස. පු: පෙර පසු නො කොට ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵල පසක් කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රිවිධ ස්පර්‍ශයන්ගේ ත්‍රිවිධ වේදනාවන්ගේ ත්‍රිවිධ සංඥාවන්ගේ ත්‍රිවිධ චේතනාවන්ගේ ත්‍රිවිධ චිත්තයන්ගේ ත්‍රිවිධ ශ්‍රද්ධාවන්ගේ ත්‍රිවිධ වීර්‍ය්‍යයන්ගේ ත්‍රිවිධ ස්මෘතීන්ගේ ත්‍රිවිධ සමාධීන්ගේ ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ සමෝධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
14. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ස. පු: කවර මාර්‍ගයෙකින?
ප. වි: අනාගාමී මාර්‍ගයෙනි.
ස. අනු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
16. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රත පරාමර්‍ශය හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්ති ඵලය භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රෝතාපත්තිඵලය’ භාග්‍යවතුන් විසින් වදාරන ලද වේ නම්,
අනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
17. ස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනාගාමීමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනී වීමෙන් සකෘදාගාමිඵලය’ වදාරන ලද වේ නම්,
අනු. පා: භවත ‘අනාගාමිමාර්‍ගයෙන් ඕළාරික කාමරාගය ඕළාරික ව්‍යාපාදය හැරපියන්නේ වේ’යයි නො කියැයුතු මැ යැ.
18. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයේ ධර්‍මාභිසමය හා සමග අනාගාමි ඵලයෙහි පිහිටා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් ධර්‍මය අභිසමය කෙරෙත් ද, එ හැම ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ප. පු: ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’ යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:
“අතීතාංසයෙහි දී ක්‍රෝධාමගන්‍ධයෙන් නිරාමගන්‍ධ වූ, කරුණාධ්‍යාන නිමිත්තෙහි විමුක්ත වූ, කාමසංයෝජන ඉක්ම සිටි, යශස්වී වූ, අහිංසක වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහු ද,
ඔහු කාමරාග හැරපියා බ්‍රහ්මලෝකූපග වූහු. උන්ගේ ශතසඞ්ඛ්‍යාත ශ්‍රාවක කෙනෙක් වූහු ද, නිරාමගන්‍ධ වූ කරුණාධ්‍යානයෙහි විමුක්ත වූ කාමසංයෝජන ඉක්ම සිටී ඔහු ද කාමරාග හැරපියා බ්‍රහ්මලෝකොපග වූහ” යි.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එහෙයින් මැ ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියයි.
20. ප. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු:
“මහණෙනි, ඒ සුනෙත්‍ර නම් ශාස්තෘ මෙ බඳු දීර්‍ඝායුෂ ඇතියේ මැ මෙ බඳු චිරස්ථිති ඇතියේ මැ ජාති ජරා මරණ ශෝක– පරිදේව– දුඃඛ– දෞර්‍මනස්‍ය උපායාසයෙන් අපරිමුක්ත වී ‘දුකින්’ අපරිමුක්තයහ’යි කියමි. ඒ කවර හෙයින යත්:
සතර දහමුන් පිළිබඳ අනනුබෝධ හේතුයෙන, අප්‍රතිවේධ හේතුයෙන. කවර සතර දෙනකුන් පිළිබඳ වැ යත්: ආර්‍ය්‍යශීලය පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. ආර්‍ය්‍යසමාධි යැ ආර්‍ය්‍යප්‍රඥාව යැ ආර්‍ය්‍යවිමුක්ති යැ යන දහමුන් පිළිබඳ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. මහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අනුබද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ වෙයි, ප්‍රතිවිදිත වෙයි. භවතෘෂ්ණා උසුන් විය. භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවය නැති” යි.
“ශීලයැ සමාධි යැ ප්‍රඥා යැ අනුත්තරවිමුක්ති යැ යි මෙ සතර දහම්හු යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුබුද්ධයහ.
මෙසේ ගෞතම සම්බුද්ධයන් වහන්සේ විශිෂ්ටඥානයෙන් අවබෝධ කොටගෙන මහණුනට සිව්සස් දහම් දෙසූසේක. දුඃඛයාගේ අන්තකර වූ පසැසින් චක්‍ෂුර්මත් වූ ඒ ශාස්තෲන් වහන්සේ පිරිනිවිසේකැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: ඒ හේතුවින් ‘පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු යැ.
ජහතිකථා නිමි.
සබ්බමත්‍ථිකථා
[සර්‍වාස්තිවාදිහු අතීතාදි භේද භින්න හැම දහම්හු ස්කන්‍ධස්වභාවය නො හරිත් ද, ඒ හේතුවින් ‘හැම ඇත් මැ’ යයි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි විශෝධනය පිණිස සබ්බමත්‍ථිකථා එයි.]
1. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වශරීරයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
2. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වකාලයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වාකාරයෙන් හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වධර්‍මයෙහි හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (යෝග නම් නානාස්වභාව ධර්‍මයන් සතු වෙයි. එක ස්වභාවධර්‍මයන් සතු නො වෙයි. එයින් මේ ප්‍රශ්නයෙහි ලා ‘රූපය වේදනා හාත් වේදනාව හෝ රූපය හාත් නානාස්වභාව නැත්තේ නු යි’ එකලක්‍ෂණ මැ නු යි කොටගෙන, අසංයුක්ත නු යි කොටගෙන) හැම ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (සවන සකන්‍ධාදියෙක් හෝ යැ, ශශවිෂාණාදියෙක් හෝ) යම් කිසි දැයෙක් නැති යී සිද්ධ ද, එ ද තොපට ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
7. ස. පු: හැම ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘හැම ඇති’ යි තොපගේ යම් සර්‍වාස්තිදෘෂ්ටියෙක් ඇත් ද, ඒ සර්‍වාස්තිදෘෂ්ටිය යාථාවක නො වනුයෙන් ‘මිසදිටුහ’ යි මෙසේ ගත් යම් අපගේ දෘෂ්ටියෙක් ඇත් ද, ඒ අපගේ දෘෂ්ටිය යාථාවක වනුයෙන් ‘සම්දිටුහ’ යි මෙසේ තොප සමයෙහි ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
වාදයුක්ති.
8. ස. පු: අතීතයෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණාම වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වූයේ පහවගියේ විපරිණත වූයේ අස්තයට ගියේ අභ්‍යස්තයට ගියේ වී නම්,
අනු. පා: භවත, ‘අතීතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: අනාගතයෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, අභිනිර්‍වෘත නො වූයේ, නො පහළ වූයේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හටගත්තේ නො නිපන්නේ අභිනිර්‍වෘත නො වූයේ නො පහළ වූයේ වී නම්,
අනු. පා: භවත, ‘අනාගතය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙක් ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය අනිරුද්ධ වූයේ අවිගත වූයේ අවිපරිණත වූයේ අස්තයට නො ගියේ අභ්‍යස්තයට නො ගියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතයෙක් ඇත් ද? අතීතය අනිරුද්ධ වූයේ අවිගත වූයේ අවිපරිණත වූයේ අස්තයට නො ගියේ අභ්‍යස්තයට නො ගියේ වේ ද?