Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 2301-2400 න් 15036

ස. පු: ශ්‍රෝතාපන්න පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් මෙලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී පුද්ගල එහි දී භාවිත මාර්‍ගයෙන් එහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් මෙලොව භාවිත මාර්‍ගයෙන් මෙලොව ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමි පුද්ගල එහි භාවිත මාර්‍ගයෙන් එහි ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
22. ස. පු: ‘ඉධවිහායනිට්ඨ (මෙහි වැස කෙලෙස් නසන)’ පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
23. ස. පු: ‘ඉධවිහායතිට්ඨ’ පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ (රූපාවචරමාර්‍ගයෙන් හේ ‘ඉධවිහායනිට්ඨ’ වූයෙන් ක්ලේශප්‍රහාණ නැති)
ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍ව සාක්‍ෂාත් කරණය පිණිස පිළිපන් පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
24. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ග ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ
ස. අනු: ඉධවිහායතිට්ඨ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
25. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඉධවිහායනිට්ඨ’ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
26. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇතියේ භැවූ බවුන් ඇතියේ එ බඹලොව උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් උපදනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
27. ස. පු: රහත් උපදනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (එහි පිරිනිවන්පානහු සඳහා පිළින යි.)
ස. අනු: රහත්හට පුනර්‍භව ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
28. ස. පු: රහත්හට පුනර්‍භව ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු භවයෙන් භවයට යෙත් ද, ගතියෙන් ගතියට යෙත් ද, සංසාරයෙන් සංසාරයට යෙත් ද, උපප්‍රාප්තියෙන් උපප්‍රාප්තියට යෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
29. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි උපදනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (කෙලෙස්) බර බහාලන පිණිස වටාලා මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
30. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ රහත් බව ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
31. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී, භාරාවහරණ පිණිස වටාලා මාර්‍ගය නො වඩා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ
ස. අනු: නො බහාලු (කෙලෙස්) බර ඇති වත් එහි පිරිනිවේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
32. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍ව ඇති වැ එ ශුද්ධාවාසයෙහි උපදි. අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගභාවනා නො කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ
ස. අනු: ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍වය ඇති වත් එහි පිරිනිවේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමි පුද්ගල මෙහි දී භාවිතමාර්‍ගයෙන් එහි (ශුද්ධාවාසයෙහි) දී ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි.
ස. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් ශල්‍ය සහිත වැ මැ කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමී පුද්ගල මෙ මිනිස්ලොව දී භාවිත මාර්‍ගයෙන් එ ශුද්ධාවාසයෙහි දී (රාගාදි) ශල්‍ය සහිත වැ මැ පිරිනිවේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
බ්‍රහ්මචරියකථා නිමි.
ඕධිසෝකථා
[සම්මිතියනිකාවැසියන් ආදි කිසි කෙනෙක් නානාභිසමය විසින් දුඃඛ දර්‍ශනාදීන් එක් එක් දෙසකින් ශ්‍රෝතාපන්නාදින්ගේ ක්ලේශප්‍රහාණය කැමැති වෙත් ද, උන්ගේ ලබ්ධි බිඳුනට ඕධිසෝ කථා එයි.]
1. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශ ක්ලේශ කෙනකුන් හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් සෝවත්ඵලයට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ එයට එළඹ වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? ඒකදේශයකින් බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වේ ද?
ප. පටි: (ඒකදේශයෙකින් සෝවන් ආදි බව නො ලැබෙනුයෙන්) එසේ නො කියැයුතු මැ යැ …
2. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: නිරෝධ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයන් හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ශීලව්‍රතපරාමර්‍ශය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැසාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වෙසේ ද? ඒකදේශයකින් නාමකයින් පැහැසගෙන වෙසේ ද, ඒකදේශයකින් නාමකයින් පැහැස නො ගෙන වෙසේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තු පරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? [ඒකදේශයකින්] බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්නාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ පිළිවිදිනා ලදු වැ පිළිලදු වැ දන්නා ලදුවැ පසක් කරන ලදු වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] කයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් කයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
7. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ද? ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලස්ථ වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොට ගෙන වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
9. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී … උපහච්චපරිනිබ්බායී … අසඞ්ඛාරපරිනිබ්බායී … සසඞ්ඛාරපරිනිබ්බායී … උද්ධංසෝතඅකනිට්ඨගාමී වේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නොවේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
10. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?