Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 2001-2100 න් 15036

96. ස. පු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
97. ස. පු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට සතිපට්ඨානයෝ භාවිතයහ. … සම්‍යක්ප්‍රධානයෝ භාවිතයහ … ඍද්ධිපාදයෝ භාවිතයහ. … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
98. ස. පු: සමයවිමුක්ත අර්‍හත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස … අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි. … බෝධඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
99. ස. පු: සමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ, වීතමෝහයහ, කළ කරණී ඇතියහ, බහාතැබූ කෙලෙස්බර ඇතියහ, ලැබූ ස්වාර්‍ත්‍ථ ඇතියහ, ක්‍ෂය වූ භවසංයෝජන ඇතියහ, මොනොවට දැන මිදුණහ, ඔසවාලූ කෙලෙස් පරිඝ ඇතියහ, විසුරුවා හළ කර්‍මාභිසංස්කාර සඞ්ඛ්‍යාත පරිඛා ඇතියහ, බිඳහළ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඒෂිකා ඇතියහ, බිඳලූ ඕරම්භාගියසංයෝජන සඞ්ඛ්‍යාත අගුළු ඇත්තාහ, කෙලෙස් රහිතයහ, හෙලූ මානධ්වජ ඇතියහ, පතිත ස්කන්‍ධභාරාදි භාර ඇතියහ, සර්‍වක්ලේශයන් කෙරෙන් විසංයුක්තයහ, මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියහ. ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යැ, මාර්‍ගය භාවිත යැ, අභිඥෙයධර්‍ම අභිඥාත යැ, පරිඥෙයධර්‍ම පරිඥාත යැ, ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ යැ, භාවිතව්‍යධර්‍ම භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත යැ. සමයවිමුක්ත ඒ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ, වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත යැ. අසමයවිමුක්ත ඒ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
100. ස. පු: අසමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
101. ස. පු: අසමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
102. ස. පු: අසමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හු විසින් රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
103. ස. පු: අසමයවිමුක්ත රහත්හු විසින් ද්වෙෂප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිතා වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිත වෙයි. … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
104. ස. පු: අසමයවිමුක්ත රහත්හු වීතරාගයහ, වීතදෝසයහ වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හු වීතරායහ, වීතද්වේෂයහ, වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. සමයවිමුක්ත රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
105. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සැරියුත් තෙරණුවෝ රහත් බැවින් පිරිහුන්හු ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: මුගලන් තෙරණුවෝ … මහසුප් තෙරණුවෝ … මහකසයින් තෙරණුවෝ … මහාකොට්ඨිත තෙරණුවෝ … මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් පිරිහුණු සේක් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: සැරියුත් තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණු සේක් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් සැරියුත් තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණුහ.
අනු. පා: එහෙයින් භවත, “රහත්හු රහත් බැවින් පිරිහෙතී” නො කියැයුතු මැ යැ.
ස. අනු: මුගලන් තෙරණුවෝ … මහසුප් තෙරණුවෝ … මහකසයින් තෙරණුවෝ … මහාකොට්ඨිත තෙරණුවෝ … මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණු සේක් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් මහාපන්‍ථක තෙරණුවෝ රහත් බැවින් නො පිරිහුණහ.
අනු. පා: එහෙයින් භවත, “රහත්හු රහත් බැවින් පිරිහෙතී” නො කියැයුතු මැ යැ.
ආර්‍ය්‍යපුද්ගලසංසන්‍දනා යි.
106. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො?
“බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් උත්තමහීනභේද වශයෙන් උච්චාවච ප්‍රතිපදාවෝ ප්‍රකාශිතයහ. නිර්‍වාණපාරයට ද්වීගුණ කොට නො යෙති. (එක් මගින් දෙවරක් නො යෙති.) මේ පාරය ඒකගුණ කොට ස්පර්‍ශාර්‍හ යයි ද නො දන්නා ලදි. (ක්ලේශප්‍රහාණ මාර්‍ග සතරක් ඇති හෙයින් එකමාර්‍ගයෙන් මැ ස ක්ලේශප්‍රහාණය නො වන හෙයිනි. අර්‍හත්‍වය සිද්ධවන්නේ එක් මාර්‍ගයකිනි)” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එයින් ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
107. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පුන පුළුවුස්නා ලදු වැ මෘද්වින්‍ද්‍රිය පුද්ගලයා සඳහා පිළින කෙරෙයි.)
ස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො?
“යම් රහතක්හට (කළ කරණී ඇතියෙන්) සතර මඟ කිස නැද්ද, එහෙයින් තෘෂ්ණා නැතියේ වේ ද, කෙලෙස් විසින් ආදාන (ගැනුම) නැතියේ වේ ද, ක්ලේශෞඝ හා ක්ලේශපාශ සමූහත වේ ද, එබැවින් සුන් කෙලෙස්වට පිළිබඳ නැවැත සිඳියැයුතු කිසිත් ඔහුට නැති” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එයින් සුන් කෙලෙස්වට පිළිබඳ නැවත සිඳියැයුතු කිසිත් ඇතියි නො කියැයුතු මැ යැ.
108. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කළ හෙවත් භාවිත මාර්‍ගයාගේ නැවැත ප්‍රතිචයභාවනායෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: භාවිත මාර්‍ගයා ගේ නැවැත භාවනායෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නු?
සම්‍යක් විමුක්ත වූ ශාන්ත වූ සිත් ඇති ඒ අර්‍හත් මහණහට භාවිත මාර්‍ගයාගේ නැවැත භාවනායෙක් නැත. එයින් කරණී නැත.
යම්සේ ඒකඝන ශෛලපර්‍වතයෙක් වයින් නො සැලේ ද, එසේ ඉෂ්ට වූ ත් අනිෂ්ට වූ ත් රූප රස ශබ්ද ගන්‍ධ ස්පර්‍ශ යන හැම අරමුණුහු ද ධර්‍මාලම්බනයෝ ද උහු නො සලත්. ඒ තාදීහුගේ චිත්තය ස්ථිත වෙයි. විප්‍රමුක්ත වෙයි. ව්‍යය ද නුවණින් දක්නේ” යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නො?
ප. පටි: එසේ යැ.
ස. නිග: එයින් භාවිතමාර්‍ගයාගේ නැවැත භාවනායෙක් ඇතැ යි නො කියැයුතු මැ යැ.
109. ප. පු: රහත්හු ‘රහත්බැවින් පිරිහෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ යැ.
ප. අනු: භගවත්හු විසින් තෙල වදාරන ලද මැ නො? “මහණෙනි, සමයවිමුක්ත මහණහුගේ පරිහාණි පිණිස මේ දහම්හු පස්දෙනෙක් ඇත. කවර පස්දෙනෙක යත්: කම්මාරාමතා යැ, භස්සාරාමතා යැ, නිද්දාරාමතා යැ, සඞ්ගණිකාරාමතා යැ, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ යැ යි. මහණෙනි, සමයවිමුක්ත මහණහුගේ පරිහාණි පිණිස මේ දහම්හු පස්දෙනෙක් ඇති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එයින් රහත්හු රහත් බැවින් පිරිහෙත් මැ යැ.
110. ස. පු: රහත්හට කම්මාරාමතා ඇද්ද? (පරවාදියා අළ සූත්‍රයෙහි එන පඤ්චධර්‍මයෝ අප්‍රාප්ති පරිහාණිය පිණිසත් ලෞකිකසමාපත්ති පරිහාණිය පිණිසත් වැටෙති. ඒ වනාහි ප්‍රාප්ත අර්‍හත් ඵලයාගේ පරිහාණිය පිණිස යයි සලකයි. එයින් තෙල ප්‍රශ්නය නඟයි.)
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ … (අසමයවිමුක්තයා සඳහා ප්‍රතික්‍ෂේප යි.)
ස. පු: රහත්හට කම්මාරාමතා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ (සමයවිමුක්තයා සඳහා පිළින යි.)
ස. අනු: රහත්හට රාගයෙක් කාමරාගයෙක් කාමරාග – පර්‍ය්‍යුත්‍ථානයෙක් කාමරාගසංයෝජනයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමච්ඡන්‍ද නීවරණයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හට භස්සාරාමතා ඇද්ද? රහත්හට නිද්දාරාමතා ඇද්ද? රහත්හට සඞ්ගණිකාරාමතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
111. ස. පු: රහත්හට සඞ්ගණිකාරාමතා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගයෙක් කාමරාගයෙක් කාමරාග – පර්‍ය්‍යුත්‍ථානයෙක් කාමරාගසංයෝජනයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
112. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.