Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 1901-2000 න් 15036

ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ, … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
76. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත්බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
77. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
78. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ. සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත්බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
79. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
80. ස. පු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
81. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ. අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
82. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ, සොවන්පුඟුල් සෝවන් ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
83. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
84. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
85. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඖදාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
86. ස. පු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ. සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාදය ප්‍රහීණ යැ. සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
87. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද? උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ අවස්තුක වූයේ කළ ආභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හට රාගය ප්‍රහීණ යැ, උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් සේ අවස්තුක කරන ලද, අනුභාවය කරන ලද මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යැ.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ යි නො කියැයුතු යැ.
88. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද? … මෝහය ප්‍රහීණ නො වේ ද? … මානය ප්‍රහීණ නො වේ ද? … දෘෂ්ටිය ප්‍රහීණ නො වේ ද? … විචිකිත්සා ප්‍රහීණ නො වේ ද? … ස්ත්‍යානය ප්‍රහීණ නො වේ ද … ඖද්ධත්‍යය ප්‍රහීණ නො වේ ද … අහ්‍රීකය ප්‍රහීණ නො වේ ද … අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් සේ අවස්තුක කරන ලද්දේ අනුභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි, උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාවය ඇතියේ කළ අනභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
89. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වෙයි.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
90. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස සතර සීවටන්හු භාවිත නො වේ ද? … සම්‍යක්ප්‍රධානයෝ භාවිත නො වේ ද? … ඍද්ධිපාදයෝ භාවිත නො වේ ද? … ඉන්‍ද්‍රියයෝ භාවිත නො වේ ද? … බලයෝ භාවිත නො වේ ද? බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
91. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස … අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද? … බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හු විසින් අනපත්‍රපා ප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙති.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත්බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
92. ස. පු: රහත්හු රහත්බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු වීතරාග වීතදෝස වීතමෝහ වූවාහු කළ කරණී ඇතියාහු බහාතැබූ කෙලෙස්බර ඇතියාහු පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියාහු ක්‍ෂය කළ භවසංයෝජන ඇතියාහු සම්‍යග්ඥානයෙන් දැන විමුක්ත වූවාහු නඟාහළ කෙලෙස්කණයම ඇත්තාහු විසුළ පරිඛා ඇතියාහු උපුළ ඉන්‍ද්‍රකීල ඇතියාහු අගුළු රහිත වූවාහු නික්ලේශ වූවාහු පතිත වූ මානධ්වජ ඇතියාහු පතිත වූ (ස්කන්‍ධාදි) බර ඇතියාහු (සතර යෝගයෙන්) විසංයුක්ත වූවාහු මොනොවට දිනනලද (මාර) විජය ඇතියාහු නො වෙත් ද? ඔබ විසින් දුඃඛය පරිඥාත නො වේ ද? සමුදය ප්‍රහීණ නො වේ ද? නිරෝධය සාක්‍ෂාත්කෘත නො වේ ද? මාර්‍ගය භාවිත නො වේ ද? ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දන්නා ලද නො වේ ද? සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දන්නා ලද නො වේ ද? ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ නො වේ ද? භාවනා කළයුත්ත භාවිත නො වේ ද? ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන ලද නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් රහත්හු වීතරාගයහ වීතද්වේෂයහ වීතමෝහයහ … සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ.
අනු. පා: එහෙයින් භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
93. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: සමයවිමුක්ත රහත්හු (මෘදවින්‍ද්‍රිය හෙයින්,) රහත් බැවින් පිරිහෙති, අසමයවිමුක්ත රහත්හු (තීක්‍ෂෙණන්‍ද්‍රිය හෙයින්), රහත් බැවින් නො පිරිහෙති.{1}
ස. පු: සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
94. ස. පු: සමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හට රාගය ප්‍රහීණ යැ. අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
95. ස. පු: සමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, සමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසමයවිමුක්ත රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, අසමයවිමුක්ත රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …