අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු ය’යි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් එ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකැ’යි මේ නිග්‍රහයක් කෙරෙයි ද එසේ නිග්‍රහ නො කළ යුතු යැ.
නිගමන: එ හෙයින් යම් නිග්‍රහයෙක් කරන ලද ද එ නිග්‍රහය දුෂ්කෘත යැ. අප විසින් කළ ප්‍රතික්‍රියාව සුකෘත යැ. කථාමාර්‍ගප්‍රතිපාදනය සුකෘත යි.
නිගමන චතුක්ක යි.
දෙ වන නිග්‍රහ යි.
11. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි (සකල ශරීරයෙහි) මැ පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියැයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි ...
තුන් වන නිග්‍රහ යි.
12. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි (පූර්‍ව පශ්චිම කාලයෙහි දු ධරමානකාලයෙහි හා පිරිනිවි කල්හි දු) පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ’ යයි කියයුතු මැ වෙයි.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි ...
සතරවන නිග්‍රහ යි.
13. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් (ස්කන්‍ධ ආයතන ආදි) සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
අනු. ආ: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි ද එ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
පස්වන නිග්‍රහ යි.
14. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටි: එසේ නො කියයුතු යැ.
ප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
සවන නිග්‍රහ යි.
15. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටි: එසේ නො කියයුතු යැ.
ප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යැයි කියයුතු මැ වෙයි.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ’ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
සත් වන නිග්‍රහ යි.
16. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටි: එසේ නො කියයුතු යැ.
ප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (තොප විසින්) ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ යැයි නො කියයුතු’ යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, එහෙයින් (තොප විසින්) ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු මැ යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි කියයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියයුතු’ යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
අෂ්ටම නිග්‍රහ යි.
17. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් ‘රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’යි කියැයුතු යැ.
අනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ”යි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් ‘රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’ යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යි ද (තොප විසින්) නො කියැයුතු මැ යැ.
පටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැයි කියැයුතු යැ යි ද රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු” යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි...
18-21. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ ද? ... සංඥාත් දන්නා ලැබේ ද? ... සංස්කාරයොත් දන්නා ලැබෙත් ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විඥානය අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. නි: මේ නිග්‍රහ පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (තොප විසින්) විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු යැයි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු නම්,
පටි. පා: භවත, එහෙයින් (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් විඥානත් දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ.