ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
51. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
52. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
53. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
54. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
55. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටිය ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
56. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
57. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … රහත්හට මෝහය ප්‍රහීණ යැ … මානය ප්‍රහීණ යැ … දෘෂ්ටි ප්‍රහීණ යැ … විචිකිත්සා ප්‍රහීණ යැ … සත්‍යානය ප්‍රහීණ යැ … ඖද්ධත්‍යය ප්‍රහීණ යැ … අහ්‍රීකය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
58. ස. පු: රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
59. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
60. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ …ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
61. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
62. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
63. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අණුසහගත කාමරාගය ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාදය ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
64. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි, අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
65. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
66. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
67. ස. පු: අනගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ ය, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
68. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
69. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
70. ස. පු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … අණුසහගත බ්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
71. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
72. ස. පු: සෙදගැමිහට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
73. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ ... සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
74. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
75. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.