ස. අනු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එබැවින් රහත්හට බෝධ්‍යඞ්ගභාවනා අධිමාත්‍ර වෙයි. රහත්හු රහත්බැවින් පිරිහෙති.
අනු පා: එහෙයින් භවත,’අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙති’ කියැයුතු මැ යැ.
30. ස. පු: අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
අනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, ‘සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
31. ස. පු: අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
අනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, ‘සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
32. ස. පු: සෙදගැමි පුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? සෙදගැමිහට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: සෙදගැමිහට යැ.
අනු. ඨ: එබැවින් සෙදගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
33. ස. පු: රහත්හු විසින් දුක් දන්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් දුක් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
34. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් සමුදය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
35. ස. පු: රහත්හු විසින් නිරෝධය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් නිරෝධය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
36. ස. පු: රහත්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
37. ස. පු: රහත්හු විසින් සතර සත්‍යයෝ දක්නා ලදහ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් සියුසස් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
38. ස. පු: රහත්හු විසින් දුක් දන්නා ලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහු විසින් දුක් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
39. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ … නිරෝධය දක්නාලද යැ … මාර්‍ගය දක්නාලද යැ … සියුසස් දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහු විසින් සියුසස් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
40. ස. පු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
41. ස. පු: රහත්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධ සත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
42. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
43. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නා ලදි … නිරෝධසත්‍යය දක්නා ලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
44. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
45. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදී … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යය දක්නා ලදහ. අනගැමි ... අනගැමිඵලයෙන් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
46. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
47. ස. පු: සෙදගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
48. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි. රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
49. ස. පු: සෝවන්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
50. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.