Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 1601-1700 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
16. ස. පු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
17. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
18. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කොහි සිටිත් ද?
ප. පටිඤ්ඤා: අනාගාමිඵලයෙහි යැ.
ස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහෙනුයේ කොහි සිටී ද?
ප. පටිඤ්ඤා: සකෘදාගාමිඵලයෙහි යැ.
ස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහෙනුයේ කොහි සිටී ද?
ප. පටිඤ්ඤා: සෝවත්ඵලයෙහි යැ.
ස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙනුයේ පෘථග්ජනභූමියෙහි සිටී ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. නි: නිග්‍රහය දනුව.
අනු. ඨ: ඉදින් රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු අනාගාමිඵලයෙහි සිටිත් නම්, අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහෙනුයේ සකාදාගාමි ඵලයෙහි සිටී නම්, සකාදාගාමී පුද්ගල සකාදාගාමි ඵලයෙන් පිරිහෙනුයේ සෝවත්ඵලයෙහි සිටී නම්,
අනු පා: එ කරුණින් සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙනුයේ පෘථග්ජන භූමියෙහි සිටී යයි කියැයුතු මැ යැ.
19. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සෝවත් පෙලෙහි සිටිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵලයට අනතුරු වැ අර්‍හත්ත්‍වය මැ ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
20. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හුගේ හෝ සෝවන් පුද්ගලයාගේ හෝ කවරක්හුගේ බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වූවාහු ද?
ප. පටිඤ්ඤා: රහත්හුගේ යැ.
අනු. ඨ: එ බැවින් රහත්හුගේ බහුතර ක්ලේශයෝ ප්‍රහීණයහ. රහත්හු රහත් බැවින් පිරිහෙති.
අනු පා: එහෙයින් භවත, සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
21. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? රහත්හට හෝ යැ? සෙදගැමිහට හෝ යැ? යි.
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එ බැවින් රහත්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. රහත්හු රහත් බැවින් පිරිහෙත්.
අනු පා: එහෙයින් භවත, සෙදගැමි පුඟුල් සෙදගැමි ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
22. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? රහත්හට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එහෙයින් රහත්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. රහත්හු රහත් බැවින් පිරිහෙති.
අනු පා: එහෙයින් භවත, අනගැමි පුඟුල් අනගැමි බැවින් පිරිහෙතී කියැයුතු මැ යැ.
23. ස. පු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? අනගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
අනු. ඨ: එබැවින් අනගැමිහට බහුතර ක්ලේශයෝ, ප්‍රහීණ වෙති. අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
24. ස. පු: අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? අනගැමිහට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
අනු. ඨ: එබැවින් අනගැමිහට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, සෙදගැමි පුඟුල් සෙදගැමි ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
25. ස. පු: සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? සෙදගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ප. පටිඤ්ඤා: සෙදගැමිහට යැ.
අනු. ඨ: එබැවින් සෙදගැමිහට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
26. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා වෙයි, රහත් රහත් බැවින් පිරිහෙයි.
අනු පා: එහෙයින් භවත, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
27. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර සතිපට්ඨානභාවනා … සම්මප්පධානභාවනා … ඉද්ධිපාදභාවනා … ඉන්‍ද්‍රියභාවනා … බලභාවනා … බොජ්ඣඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර බොජ්ඣඞ්ගභාවනා වෙයි. රහත්හු රහත් බැවින් පිරිහෙති.
අනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
28. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිපුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මග්ගභාවනා … බොජ්ඣඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
අනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර බොජ්ඣඞ්ගභාවනා වෙයි.
අනු පා: එහෙයින් භවත, සෙදගැමිපුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
29. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.